පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ තමන්ට එරෙහිව එල්ල කරන චෝදනා අසත්‍ය බවත් ඒ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට තමන් කටයුතු කරන බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සඳහන් කරයි.
සිය ට්වීටර් ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කරන අතර අදාළ පැමිණිල්ල අද (07) පෙරවරු 11 : 00 ට සිදුකරන බවත් එකී ට්වීටර් සටහනේ දක්වා ඇත.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ එල්ල කරන අසත්‍ය චෝදනා හේතුවෙන් මුස්ලීම් ජනතාව අපහසුතාවයට පත්ව ඇති බවත් ඒ හරහා සිදුකරන පටු දේශපාලනය නින්දිත බවත්ය.
රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා තබා ඇති ට්වීටර් සටහන පහත දැක්වෙයි.


