සාරි ඔසරි චක්‍රලේඛය අත්හිටුවන්න : මානව හිමිකම් කොමිසම දන්වයි !

සාරි ඔසරි චක්‍රලේඛය අත්හිටුවන්න : මානව හිමිකම් කොමිසම දන්වයි !

රාජ්‍ය නිලධාරිනියන්ට සාරිය හෝ ඔසරිය පමණක් හැඳ රාජකාරියට පැමිණෙන්නැයි දන්වා නිකුත් කල චක්‍රලේඛය වහාම අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

මානව හිමිකම් කොමිසම මේ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරමින් රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දෙන්නේ කාන්තාවන් එක් එක් අවස්ථාවලදී විවිධ ඇඳුම් භාවිත කරන අතර ජන වර්ග අනුව ද අඳින ඇඳුම්වල වෙනස්කම් පවතින බව ය.

මෙය ඔවුන්ගේ මානව හිමිකම් කඩවීමක් බව ද කොමිසම පෙන්වාදී තිබේ. එසේම එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ද මානව හිමිකම් කොමිසම සඳහන් කර ඇත.

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා චක්‍රලේඛයක් නිකුත් කරමින් පසුගියදා පැවසුවේ රාජ්‍ය නිලධාරිනියන් සාරිය හෝ ඔසරිය පමණක් හැඳ රාජකාරියට පැමිණිය යුතු බව ය.

රාජ්‍ය සේවයේ නිලධාරීන් කලිසම, කමිසය හෝ ජාතික ඇඳුමෙන් සැරසී සේවයට වාර්තා කළයුතු බව ද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ චක්‍රලේඛයේ සඳහන්ව තිබුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න