එජාප පසුපෙළ ජාතිවාදීන්ට බයද ? : ඇමති මංගලට ප්‍රශ්නයක් !

එජාප පසුපෙළ ජාතිවාදීන්ට බයද ? : ඇමති මංගලට ප්‍රශ්නයක් !

ජාතික ප්‍රශ්න සම්බන්ධයෙන් මැදිහත්විමේදී එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ තරුණ මන්ත්‍රීවරුන්ගේ දැක්ම හා ක්‍රියාකාරිත්වය පසුගාමීබව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හමුවේ පසුගියදා අදහස් දක්වමිනි.

මේ රටට අනාගතයක් තිබේද ? නැද්ද ? යන කාරණය තීරණය වන්නේ, එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් ජාතික ප්‍රශ්න වලදී පක්ෂයේ මුලික ප්‍රතිපති මත පිහිටා ඉදිරියේදී ගනුලබන ක්‍රියාමාර්ග මතබව ඇමතිවරයා මෙහිදී අවධාරණය කර ඇත.

මංගල සමරවීර අමාත්‍යවරයා එහිදී මෙසේද සඳහන් කර ඇත.

'' ඩී එස් සේනානායක මහත්තයා එක්සත් ජාතික පක්ෂය ගොඩනැගුවේ සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලු ජාතීන්ට එකට එකතු කරලා, සියලු ජාතින් ශ්‍රී ලාංකිකයින් ලෙස එක්සත් කරන්න. දේශපාලනයට ඒමට පෙරත් ජේ.ආර්. මගේ වීරයෙක්. එතුමාගේ ආර්ථික ප්‍රතිපති මම අගය කළා. නමුත්, යුද්දය හා ත්‍රස්තවාදය නිසා එතුමා අපේක්ෂා කල ආර්ථික ඉලක්කය කරා යන්න බැරි වුනා.

මම එක්සත් ජාතික පක්ෂයට එකවුනේ රනිල් වික්‍රමසිංහ නායකතුමාගේ දේශපාලන දර්ශනය ගැන විශ්වාස කරලා. පක්ෂයක් කියන්නේ නිශ්චිත දැක්මක් හා ඒ මත ක්‍රියාත්මක වන වැඩපිළිවෙලක් සහිත දේශපාලන ව්‍යුහයකට. අපේ පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් මිටවඩා දේශපාලන විද්‍යාව ගැන හැදෑරිය යුතුයි. නැත්නම් වෙන්නේ අන්තවාදී ආගමික නායකයින්ට බයේ ඉන්න. උන්වහන්සේලා කියන කියන පදයට නටන්න.

මුස්ලිම් දේශපාලනඥයින් ඇමතිධුරවලින් එළවීමට අන්තවාදී උන්වහන්සේලා ගත්තු මැර ක්‍රියාමාර්ගය මට නම් කිසිඳු ලෙසකින් අනුමත කරන්න බැහැ. මේ කාරණයේදී ආණ්ඩුව හැසුරුන ආකාරයත් මම නම් අනුමත කරන්නේ නැහැ ..

ඡන්දය ගැන මනාපය ගැන හිතන්නේ නැතුව රට ගැන, අනාගත පරම්පරාව ගැන හිතල හරි දැක්මක් ඇතුව වැඩ කලොත් අපට මෙරට යළි ගොඩනගන්න පුළුවන්.. අපේ තරුණ මන්ත්‍රීවරුන් මේගැන සැලකිල්ලට ගනීවි කියලා මම විශ්වාස කරනවා .''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න