මෝල් වැසීම : මෝල් යෝජනාවක් !

මෝල් වැසීම : මෝල් යෝජනාවක් !

තව වසර පහකින් මෙරට ලී මඩු තහනම් කරන බවට ජනාධිපතිවරයා විසින් ඊයේ (06) දිනයේදී ප්‍රකාශ කරනු ලැබූ බවත් එම ප්‍රකාශය නිසා මෙරට ගෘහ භාණ්ඩ මිල ඉහළ යාමේ අවදානමක් තිබෙන බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.

නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය මේ බව සඳහන් කරන අතර එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

ගෘහ භාණ්ඩ අද වන විට පාරිභෝගිකයින්හට අත්‍යාවශ්‍යම භාණ්ඩයක් බවට පත්ව ඇත. ලී මෝල් වසා දැමුවහොත් මෙරට ගෘහ භාණ්ඩ ඉල්ලුමට කරන්නේ කුමක්ද? යන්න අපි රජයෙන් ප්‍රශ්ණ කරන අතර ආනයනික ගෘහ භාණ්ඩ අප රටේ දේශපාලකයින්ට මිස සාමාන්‍ය පාරිභෝගකියන්ට නම් මිලදී ගත නොහැකි බවද අප අවධාරණය කරන්නෙමු.

වනය සංරක්ෂණය කිරීමේ වැඩ පිළිවෙලක් නිසි පරිදි ක්‍රියාත්මක නොකර ලී මඩු තහනම් කිරීම අතීසාරයට අමුඩය ගැසීමකටත් එහා ගිය වැඩ පිළිවෙලක් වන බැවින් මේ සදහා ජනාධිපතිවරයාට උපදෙස් දෙනු ලබන්නේ මන්ද මානසිකයෙකුද යන්න අපිට ඇති ගැටලුවකි.

කෙසේ වෙතත් මෙරට පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට නම් ඉක්මනින්ම කල යුත්තේ මධ්‍යම පරිසර අධිකාරිය වසා දමා වෙනත් ආයතනයක් ස්ථාපිත කිරීමයි. මන්ද යත් මධ්‍යම පරිසර අධිකාරිය අද වන විට මුදලට යටවුනු ආයතනයක් බවට පත්ව ඇති නිසාය. මහා පරිමාණ පරිසර විනාශ හමුවේ ඔවුන් මුනිවත රකිමින් සිටී. ඒ පිළිබදව අප විසින් කොතෙක් පැමිණිලිකද කිසිදු ප්‍රයෝජනයක් නැත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න