නාමල්ගේ කළු සල්ලි සුදු කළ නඩුව කල්යයි !

නාමල්ගේ කළු සල්ලි සුදු කළ නඩුව කල්යයි !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් සිටින අතර වාරයේ අයථා ලෙස රුපියල් මිලියන 30ක මුදලක් උපයා එය ගවර්ස් කෝපරේට් සමාගමේ ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පණත යටතේ චෝදනා එල්ලවී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු 6 කගේ නඩුව ඔක්තෝබර් මස 14 වැනිදා දක්වා කල්තබා ඇති බව වාර්තා වෙයි.

අදාළ නඩුව අද ( 07) කැඳවූ අවස්ථාවේ කොළඹ මහාධිරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි සිදුකල නියෝගයක් අනුවය.

සිද්ධියට අදාල නඩුව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන අතර නඩුව කැඳවන ලද අවස්ථාවේ දෙපාර්ශ්වයේම නීතීඥයන් විසින් සිදුකළ ඉල්ලීමකට අනුව නඩුව ලබන ඔක්තෝබර් 14 වැනිදා කල් දැමීමට තීරණය වූ බව වැඩිදුරටත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න