බැසිල් ශ්‍රීලනිපය බාල්දුම කරයි !

බැසිල් ශ්‍රීලනිපය බාල්දුම කරයි !

අද රටේ බහුතර බලය ඇත්තේ පොහොට්ටුවට බැවින් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු නම් කිරීම අනිවාර්යෙන් සිදුවිය යුතු බව පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පවසයි.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් පුළුවන් තමන්ගේ අපේක්ෂකයාව ඉදිරිපත් කරන්න . සාහිත්‍ය සම්මාන දෙනකොටත්, නාට්‍යවලට සම්මාන දෙනකොටත්, හැම පොතක්ම, හැම නාට්‍යයක්ම තරඟයට යෝජනා කරන්න පුළුවන්. අන්තිමට තෝරලා එකකට තමයි සම්මානය ලැබෙන්නේ”. යනුවෙන් බැසිල් රාජපක්ෂ සිය facebook පිටුවේ සටහන් කර තිබේ.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහාතාගෙන් ඉල්ලා සිටිමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම විසින් විශේෂ සංදේශයක් ජනාධිපතිවරයා වෙත භාර දීම පාදක කරගෙන බැසිල් රාජපක්ෂ මෙම අදහස් පළ කර ඇත.

මේ සටහන බැසිල් රාජපක්ෂ තබා ඇත්තේ අද (07) විපක්ෂ නායක කාර්යාලයේ පැවති ශ්‍රීලනිප - පොහොට්ටු සන්ධානයක් වෙනුවෙන් වන සාකච්ඡාවෙන් පසුව වීම සුවිශේෂී වෙයි.

එම facebook සටහන පහත දැක්වෙයි.

Capture

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න