ගෝඨාභය ප්‍රධාන බාධාවක් ඉවත් කරගෙන !

ගෝඨාභය ප්‍රධාන බාධාවක් ඉවත් කරගෙන !

එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා බලාපොරොත්තුවෙන් සිටින ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වන ගෝඨාභය රාජපක්ෂ සිය ඇමරිකානු පුරවැසි භාවය ඉවත්කර ගැනීම සඳහා කළ ඉල්ලීම එරට රජය විසින් පිළිගෙන ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු රාජ්‍යතන්ත්‍රීක ආරංචිමාර්ගවලින් අනාවරණය වෙයි.

වාර්තා වන ආකාරයට ගෝඨාභය රාජපක්ෂ ගේ ඇමරිකානු පුරවැසි භාවය ඉවත්කර ගැනීම සම්බන්ධව ඇමරිකා එක්සත් ජනපදය මෙතෙක් නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර නොමැති නමුත් යම් අවස්ථාවක මැතිවරණ කොමිසම ඉල්ලීමක් කළහොත් ඇමරිකානු තානාපති කාර්යාලයෙන් එය නිලවශයෙන් දැනුම්දීමට නියමිතය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ හා ඇමරිකාවේ ද්විත්ව පුරවැසියකු වීම හේතුවෙන් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ඔහුට ජාතික මැතිවරණයට ඉදිරිපත්වීමේ සුදුසුකම ඇහිරී තිබු අතර එම තත්වය යටතේ ඔහු සිය ඇමරිකානු පුරවැසි භාවය ඉවත්කර ගැනීම සඳහා පසුගියදා ඇමරිකාවට ගොස් ඊට අදාල නීතිමය පියවර ගෙන තිබිණ.

රාජ්‍ය මූල්‍ය අවභාවිත කළ චෝදනාව !

කෙසේවුවද මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාරය හා ස්මාරකය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 33.9ක රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් පවතින නඩුව ගෝඨාභය රාජපක්ෂට දේශපාලනිකව අවාසිදායක ලෙස බලපානු ඇති බවත් වාර්තා වෙයි.

ඊට අනුව මෙම නඩුව සුළු චෝදනාවක් සම්බන්ධයෙන් නොවන අතර එය අපරාධ ගණයට වැටෙන චෝදනාවකි. මේ නඩුවෙන් බේරීම සඳහා ගෝඨාභය නොකළ දෙයක් නැත.මේ නඩුව සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීම වළක්වා ගැනීම සඳහා මුලින්ම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ලබාගත්තේය. ඒ නිසා ඔහු අත්අඩංගුවට ගැනීම සහ රිමාන්ඩ් බන්ධනාගාරගත වීම වැළකුණි.

මේවා සිදුවූයේ රාජ්‍ය මුදල් සාවද්‍ය ලෙස පරිහරණය සම්බන්ධයෙන් වෙනත් දේශපාලඥයන්ද රාජ්‍ය නිලධරීන්ද අත්අඩංගුවට පත්වී රිමාන්ඩ් බන්ධනාගාරගතවූ පසුබිමකය.

ඉන්පසු ගෝඨාභය රාජපක්ෂ මහතා උත්සාහ කරනු ලැබූයේ විශේෂ ත්‍රීපුද්ගල මහාධිකරණයේ මෙම නඩුව විභාග වීම වැළැක්වීමටය. ඒ සඳහා ඔහු අභියාචනාධිකරණයේ පිහිට පැතීය. එහෙත් ත්‍රීපුද්ගල මහාධිකරණය එම නඩුව ජූනි 19 සිට විභාගයට ගන්නා බවට තීරණය කළේය.

බැසිල් සූදානමින් !

කෙසේ වුවත් ගෝඨාභය රාජපක්ෂට කිසියම් අවස්ථාවක මේ සම්බන්ධව ප්‍රශ්නයක් පැනනැගුන හොත් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට රාජපක්ෂ පවුල නියෝජනය කරමින් පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සූදානමින් සිටින බවත් වාර්තා වෙයි.

ඔහුද ඇමරිකානු - ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසියෙකු වන අතර එන ඕනෑම තත්ත්වයකට මුහුණදීම සඳහා ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමට ඉල්ලුම් කර ඇති බවත් වාර්තා වී තිබේ.

ඊට අදාළ වැඩිදුර තොරතුරු පහත පුවතෙහි සඳහන්ය.

පොහොට්ටු අපේක්ෂකත්වය බැසිල්ට !

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න