ගෝඨාට හදවත් සැත්කමක් : වෛද්‍ය වාර්තා කැඳවන්නැයි නීතිවේදීන් පවසයි !

ගෝඨාට හදවත් සැත්කමක් : වෛද්‍ය වාර්තා කැඳවන්නැයි නීතිවේදීන් පවසයි !

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂට සිංගප්පූරුවේ රෝහලක හෘද සැත්කමක් සිදුකර ඇති බව ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වන වෙබ් මාධ්‍ය වාර්තා කරයි.

ඔහුගේ ප‍්‍රකාශකයෙකු උපුටා දක්වමින් එම පුවතේ දැක්වෙන්නේ වෛද්‍ය පරීක්ෂණය කටයුත්තක් සදහා ගිය අවස්ථාවේදී හෘදයට රුධිරය සපයන නාල තුනක අවහිරතාවන් ඇති නිසා ඒවා සැත්කමක් මගින් ඉවත් වල යුතු බව වෛද්‍යවරුන් දැන්වූ බවයි.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂට මෙම ශල්‍යකර්මය සිදුකර ඇත.

ශල්‍යකර්මය අවසන්ව දැනට සාමාන්‍ය වාට්ටුවක පසුවන ඔහුට දෙසතියක පමණ කාලයක් විවේකයෙන් ගත කළ යුතු බව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.

ඉන් අනතුරුව හෘද සැත්මකදී සිදු කරන ආකාරයට මාස තුනක පමණ කාලයක් සුළු ව්‍යායාම ආදිය කිරීමට නියම කර ඇතැයිද එම පුවතේ වැඩිදුරටත් දැක්වෙයි.

ඉදිරියේදී වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත ගෝටාභය රාජපක්‍ෂ මහතා නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවද එම ප්‍රකාශකයා සඳහන් කර ඇති බවත් පැවසේ.

වෛද්‍ය වාර්තා කැඳවිය යුතුයි : නීතිඥයන් දන්වයි !

මේ අතර නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සඳහන් කරන්නේ මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාරය හා ස්මාරකය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 33.9ක රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ට එරෙහිව පවතින නඩුව ඔහුට අවාසිදායක බවය.

එබැවින් මේ නඩුව දිගින් දිගටම කල්යන තත්ත්වයක් පෙන්නුම් කරන බවත් මේ සැත්කම සත්‍යක්ද යන්න තහවුරු කර ගන්නට වහාම ඊට අදාළ වෛද්‍ය වාර්තා අධිකරණය විසින් කැඳවිය යුතුව ඇති බවත් ඔවුන් පෙන්වාදෙයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න