නරේන්ද්‍ර මෝදි  එයි : රනිල් පිළිගන්න යයි !

නරේන්ද්‍ර මෝදි  එයි : රනිල් පිළිගන්න යයි !

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සඳහා අද (09දා) දහවල් 11.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

ඉන්දීය  අග්‍රමාත්‍යවරයා ගමන් ගන්නා ඉන්දීය ගුවන් සේවයට අයත් බෝයිං - 737 වර්ගයේ ගුවන් යානයකින් කටුනායකට පැමිණි අතර ඔහුගේ ආරක්ෂාව සඳහා තවත් එවැනිම වර්ගයේ ගුවන් යානයක් ද පැමිණි බවත් වාර්තා වෙයි.

ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි. - 001 දරණ ගුවන් යානයෙන් ඔහු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අතර, ඔහු පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය මලික් සමරවික්‍රම ඇතුළු මැති ඇමතිවරු රාශියක් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග දූත පිරිස 59 ක් පැමිණ සිටි අතර ගුවන් යානා දෙකේ කාර්යය මණ්ඩලය 16 දෙනෙකු ද විය.

මෙම සංචාරයේදී මෝදී අග්‍රාමාත්‍යවරයා, ජනාධිපති සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ද්‍රවිඩ සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් ඇතුළු පිරිසක් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න