වර්තමානයේ ආගමටත් දේශපාලනය සම්බන්ධ වී ඇති බවත්, පක්ෂ දේශපාලනය ඉවතලා රට සංවර්ධනය කිරීමට සියලුම දේශපාලන පක්ෂ පෙරමුණ ගත යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සෑම ග්‍රාම නිලධාරී වසමකම ඉදිකරන නිල සෙවන කාර්යාල ව්‍යාපෘතියට සමගාමීව බේරුවල ආසනයේ පයාගල මලේගොඩ ඉදිකරන ලද නිල සෙවන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (08) එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
කාර්යාලය ඉදිකිරීම සදහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 25 කි.
මෙම අවස්ථාවට එක් වූ බෙන්තර වලල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක මලේගොඩ ශ්‍රී පුෂ්පාරාම විහාරාධිපති පූජ්‍ය මලේගොඩ නන්ද හිමියන් සෞඛ්‍ය අමාත්‍යවරයාට සෙත් පිරිත් සඡ්ඡායනා කරමින් ආශිර්වාදය එක් කළහ. සමාජයට වැඩදායක යුතුකම් ඉටු කරන සෞඛ්‍ය අමාත්‍යවරයා ලොවම පිළිගෙන ඇති බව උන්වහන්සේ මෙහිදී පැවැසීය. වටිනා සැළසුම් ක්‍රියාවට නංවාලමින් සෞඛ්‍ය සේවාව සදහා ඉටු කරන ලද මෙහෙවර ද මහානාහිමියන් අගය කරන ලදි.
උත්සව සභාව ඇමැතූ සෞඛ්‍ය අමාත්‍යවරයා “වත්මන් රජය විසින් නිල සෙවන කාර්යාල 14,000 ක් දිවයිනේ ස්ථාපිත කරනවා. මේ රටේ ජාතිවාදී ගැටුම් ඇති වුනේ 50 දශකයේ සිටයි. පළමු ජාතිවාදී කෝළාහලය ඇති වුනේ බේරුවල ආසනයේ. ඒ ඩේවිඩ් සිල්වා නැමැති පුද්ගලයා අතුරුදන් කිරීමත් සමගයි. ජාතිය ආගම බේරාගැනීමට අපි 1950 සිට සටන් කළා. නමුත් රට ගොඩනැගිලා නැහැ. ඒ කාලයේ අපි දෙවැනි වුනේ ජපානයට පමණයි. ආර්ථීකය, ඒකපුද්ගල ආදායම ඉහළ ගොස් තිබුනා. නමුත් අද පහත වැටී තිබෙනවා. අපේ රටට නිදහස හිමි වුනේ ජාතික නායකයින් සමගිව කටයුතු කළ නිසයි. සිංහල, දෙමළ, මුස්ලිම් නායකයින් එකතු වෙලා සමගි සම්පන්නව කටයුතු කළා. පොන්නම්බලම් රාමනාදන් මහතා ශ්‍රී ලංකාවේ බිහි වූ ශ්‍රේෂ්ඨතම ශ්‍රී ලාංකිකයා බව ඩී.එස් සේනානායක අග්‍රාමාත්‍යතුමන් ප්‍රකාශ කළා. ඔහු ද්‍රවිඩ නායකයෙක්. එදා භේදබින්න වුනා නම් රටට නිදහස ලබාගන්න බැහැ. වර්තමානයේ භේදබින්න වීම තුලින් රට අරාජික තත්ත්වයට පත් වෙලා. සංචාරක ව්‍යාපාරය කඩා වැටිලා. ආර්ථිකය කඩා වැටිලා. වත්මන් යහපාලන රජය ආරම්භයේ දී ලෝකය තුලින් ලැබුනු ප්‍රසංසාව වෙනුවට නරක චිත්‍රයක් මැවී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය උපසභාපතිධූරය මට ලබාදෙන විට රට තුල තිබුනේ නරක චිත්‍රයක්. නමුත් මම සෞඛ්‍ය සේවාවට ඉටු කල කාර්යභාරය වෙනුවෙන් එම තනතුර ලබාදුන්නා. ජනාධිපතිවරයාගේ ඉෂ්තාර් උත්සවයේ දී අරාබි රටවල තානාපතිවරුන් ප්‍රකාශ කර තිබෙන්නේ මෙරට මුස්ලිම් ජනතාවට සිදුවන හිරිහැර පිළිබදවයි. අපේ රටේ කාන්තාවන් වැඩි පිරිසක් එම රටවල ගෘහ සේවයේ යෙදී සිටිනවා. සියලු දෙනාම එකමුතුව රට දියුණූ කළ යුතුයි. රට ගිනිතැබීමෙන් සංවර්ධනයක් කළ නොහැකියි. විනාශ වූ දේපල වලට වන්දි ගෙවීමට සිදුවන්නේ සංවර්ධනය සදහා ඇති මුදල් භාවිත කරමින්. රට විනාශ කරන්න පහසු වුනත් ගොඩනැගීම හරිම අමාරුයි. ජාතීන් අතර සමගිය ස්ථාපිත කළ යුතුයි. අපේ රට හදන්න කවුරුවත් එන්නේ නැහැ. ඒ සදහා අපි කැපවිය යුතුයි.”
“වර්තමානයේ බෞද්ධ දර්ශණය පවා කෙළසමින් ඇතැම් භික්ෂූන් වහන්සේලා කටයුතු කරනවා. බුදුරජාණන් වහන්සේ “අත්තාහි අත්තනෝ නාථෝ” යනුවෙන් ප්‍රකාශ කළේ තමන් හිසට තම අතමය සෙවනැල්ල කියලයි. දෙවියන් බලා ගන්නේ නැහැ. රට හදන්න අපි කැපවිය යුතුයි. බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමටත් ඇතැම් භික්ෂූන් වහන්සේලාගේ මැදිහත්වීම මත විරෝධතා එල්ල වුනා. එවිට බණ්ඩාරනායක මහතා ප්‍රකාශ කළා“හාමුදුරුවනේ ඉතිහාසය විසින් මට අනාගතයේ දී සමාව දෙනු ඇත” කියලා. ඒ අනුව එම විරෝධතා අවසන් වුවත්, වසර 30 කට පසු යුද්ධයක් ඇති වුනා. ඒ විවිධ බලපෑම් වලට යටත්ව තීන්දු තීරණ ගත් නිසයි. වර්තමානයේ අප සිටින්නේ ගෝලීයකරණයට ලක් වූ රටකයි. රට ගොඩනැගීම අමාරු නැහැ. එකතු විය යුතුයි. සිංගප්පූරුවට වඩා අපේ රට සංවර්ධනය කරන්න පුළුවන්. වර්තමානයේ සෑමදේකටම දේශපාලනය. ආගමටත් දේශපාලනය සම්බන්ධ වෙලා. දේශපාලනය අවශ්‍යයි. නමුත් පක්ෂ දේශපාලනය ඉවත ලා රට සංවර්ධනය කිරීමට සියලු දේශපාලන පක්ෂ පියවර ගත යුතුයි. විපක්ෂයේ ඉන්න අය බලන්නේ රට විනාශ කරලා හරි බලය ලබාගන්න. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මට විරුද්ධව නඩු 05 ක් දැම්මා නමුත් මම ඇයට ප්‍රකාශ කළා ජාතික ප්‍රශ්නය විසදීම සදහා ඔබතුමිය විසදුමක් ලබාදෙන්නේ නම් කොන්දේසි විරහිතව සහයෝගය ලබාදෙන බව.”
මෙම අවස්ථාවට බේරුවල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ඉෂ්ඨිකාර් ජමීල් මහතා, බේරුවල ප්‍රාදේශීය ලේකම් චතුර මල්රාජ් මහතා ඇතුලු ග්‍රාම සේවා නිලධාරිවරුන් ප්‍රදේශවාසීන් එක්ව සිටියහ.

