මංගල පන්සල් යයි !

මංගල පන්සල් යයි !

මාතර ප්‍රදේශයේ විහාරස්ථාන තුනක සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට මුදල් ඇමති මංගල සමරවීර මහතා ඊයේ (08) එම විහාරස්ථානවලට ගියේය.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මාතර මහා මන්තින්ද පිරිවෙනේ ඉදි කිරීමට යෝජිත නව ගොඩනැගිලි සංකීර්ණය පිළිබඳ සොයා බැලීම සඳහා ඊයේ (08) එහි නිරීක්ෂණ චාරිකාවක් සිදුකල අතර විහාරාධිපති පූජ්‍ය තිස්සමහාරාමයේ ඉන්ද්‍රානන්ද හිමියන් සහ විහාරාධිකාරී පූජ්‍ය තාරපේරියේ ඥානසිරි හිමියන් සමග අමාත්‍යවරයා පිරිවෙනේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡා කළහ.

නව විහාර ගොඩනැගිල්ල ඉදි කිරීමේ සැලස්ම සහ ස්ථානය නිරීක්ෂණය කළ අමාත්‍යවරයා එහිදී කියා සිටියේ පිරිවෙනේ සෑම අවශ්‍යතාවකට ම හැකි උපරිම දායකත්වය දැක්වීමට තමන් සූදානම් බවයි.

මේ අතර මාතර සිරිමංගල විහාරයේ නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම පිළිබඳ සොයා බැලීම සඳහා ද අමාත්‍යවරයා ඊයේ (08) එම විහාරය වෙතද ගියේ ය.

විහාරධිපති පූජ්‍ය වලස්ගල පඥ්ඥාසිරි හිමියන් අමාත්‍යවරයා වෙත කියා සිටියේ අදාළ ගොඩනැගිල්ල වෙනුවෙන් රුපියල් කෝටි දෙකක පමණ මුදලක් ඇස්තමේන්තු ගත කර ඇති බවයි. එම ඉදිකිරීම කඩිනමන් ආරම්භ කරන ලෙස උපදෙස් ලබා දුන් අමාත්‍යවරයා ක්‍රමයෙන් ඊට අදාළ මුදල් අවශ්‍ය පරිදි ලබා දෙන බවට පොරොන්දු විය.

මාතර වෙලේගොඩ සුදසුන් මහ විහාරය වෙත ගිය අමාත්‍යවරයා විහාරාධිපති පූජ්‍ය කඹුරුගමුවේ පඥ්ඥාජීව නාහිමියන් බැහැ දුටුවේ ය. විහාරස්ථානයේ ඉදිරි සංවර්ධන කටයුතු සහ උන් වහන්සේගේ සුව දුක් විමසූ අමාත්‍යවරයා ප්‍රදේශයේ ප්‍රකට විහාරස්ථානය වන එහි ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් පූර්ණ සහය ලබා දෙන බවට පොරොන්දු විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න