විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යරවයාගෙන් තවත් සමාජ සත් කාර්යයක් !

විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යරවයාගෙන් තවත් සමාජ සත් කාර්යයක් !

පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විකාශය වූ ප්‍රවෘත්තියකට අනුව තොරතුරු සොයාගොස්, ජීවත් වීමට වාසස්ථානයක් නොමැතිව අසරණවූ දරු පවුලක් වෙනුවෙන් පිළිසරණක් වීමට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක තීරණය කර තිබේ.

අමාත්‍යවරයා මෙසේ පිළිසරණ වීමට තීරණය කර ඇත්තේ, කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ රථවාහන අංගනයේ ටිකට් පත් නිකුත් කිරීම සිය ජීවනෝපාය කරගත් චමිලා ප්‍රියන්ති නම් වූ දෙදරු මවක් සහ ඇගේ කුඩා දියණියන් දෙදෙනා වෙනුවෙනි. දැනට සති තුනක පමණ කාලයක් තිස්සේ විහාරමහා දේවි උද්‍යානයේ රැදී සිටින මෙම අසරණ දරු පවුල පිළිබදව මාධ්‍ය තුළින් කරුණු දැනගත් අමාත්‍ය රවී කරුණානායක, පසුගියදා ඔවුන් සිය අමාත්‍යාංශය වෙත කැදවා විස්තර විමසීමක් සිදු කරන ලදී.

මෙහිදී විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යවරයාට තමා පත්ව ඇති අසරණ තත්ත්වය පැහැදිළි කළ අදාළ කාන්තාව, තමාත් තම ස්වාමියා සමග දරුවන් දෙදෙනාත් කඩවත ප්‍රදේශයේ කුලී නිවසක ජීවත් වූ බවත්, එම නිවස හදසියේ ගිනි ගැනීමෙන් තමන්ට ජීවත්වීමට තැනක් නොමැතිව මේ වනවිට සති තුනක පමණ කාලයක් තිස්සේ විහාරමහා දේවි උද්‍යානයේ රැදී සිටින බවත්, මෙසේ රැදී සිටිම තම කුඩා දියණියන් දෙනොගේ ආරක්ෂාවට ගැටළුවක් වන බැවින්, තමාටත් දරු දෙදෙනාටත් ජීවත්වීමට ස්ථානයක් ලබාදෙන්නේ නම් එය මහත් පිනක් බවත් පැවසීය.

ඒ අනුව අදාළ කුඩා දරුවන් දෙදෙනාගේ ආරක්ෂාව සහ අධ්‍යාපන කටයුතු පිළිබදව සලකා බලා, මේ වනවිට ඔවුන් මුහුණදී ඇති ගැටළු හැකි ඉක්මණින් නිරාකරණය කරදීමට සදහා අවශ්‍ය කටයුතු ඉටුකරන බව මෙහිදී අමාත්‍යවරයා පැවසීය‍.

01 1 1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න