විශේෂ කමිටුවේ සාක්ෂිවලින් ජනාධිපති හිරවෙයි !

විශේෂ කමිටුවේ සාක්ෂිවලින් ජනාධිපති හිරවෙයි !

පාස්කු ප්‍රහාරයේ වගකීම පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ කර මත පටවා නිදහස් වෙන්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උත්සාහ කළද ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් සහ ඊට පෙර නීතිය ක්‍රියාත්මක කිරීමේදී නීතිය තමන්ට රිසි සේ නවා ඇති බව පොලිස්පති පූජිත් ජයසුන්දර ජූනි 06දා විශේෂ පාර්ලිමේන්තු කමිටුව ඉදිරියේ ලබා දුන් සාක්ෂියෙන් පැහැදිලි වේ.

නාවික හමුදාවේ පිරිසක් විසින් කොළඹ හා තදාසන්න ප්‍රදේශවලදී 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල අංශයේ ස්ථානාධිපති නිශාන්ත සිල්වා හදිසියේ මීගමුවට මාරු කර යවන ලද්දේ ජනාධිපතිවරයා විසින් බව පූජිත් ජයසුන්දර පාර්ලිමේන්තු කමිටුවේදී ප්‍රකාශ කර තිබේ.

මෙම නඩුවේ සැකකරුවන්ට ආධාර අනුබල දෙන ලදැයි සැකපිට අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩල නිශාන්ත ද සිල්වා එල්ටීටීඊය සමග සබඳතා පවත්වන බවට ජනාධිපතිවරයාට පැවසීමේ ප්‍රතිඵලයක් ලෙස නිශාන්ත සිල්වාගේ ස්ථාන මාරුව සිදුවූ බව රාවය මීට කලින්ද වාර්තා කර ඇත.

නිශාන්ත ද සිල්වාගේ ස්ථාන මාරුව සම්බන්ධයෙන් මාධ්‍යයට හෙළි කරන ලදැයි තමන් සමග ජනාධිපතිවරයා අමනාප වී සිටි බැවින් තමන් ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට සහභාගි කරනොගත් බවද මෙහිදී පූජිත් ජයසුන්දර කියා ඇත.

මීට පෙර කමිටුව ඉදිරියේ සාක්ෂි දුන් ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා පවසා තිබුණේ තමන් අත්අඩංගුවට ගැනීමට පෙර පාස්කු ඉරිදා ප්‍රහාරයේ නායක සහරාන් අත්අඩංගුවට ගැනීමට සැලසුම් කර සිටියත් තමා අත්අඩංගුවට පත්වීම නිසා එය මගහැරුණු බවය.

මේ අනුව ලංකාවේ ජාතික ආරක්ෂාව ඈලියාවට යාමට වගකිවයුතු ප්‍රධාන පුද්ගලයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බව කමිටුව හමුවේ ඉදිරිපත් වන අනෙකුත් සාක්ෂිවලින්ද හෙළිදරව් වෙමින් තිබේ.

(රාවය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න