සක්විතිට ඇප !

සක්විතිට ඇප !

රුපියල් කෝටි 162කට අධික මුදලක් වංචා කිරිමේ සිදුවීමක් සම්බන්ධයෙන් වසර 10කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සක්විති රණසිංහ ඇප මත මුදා හැරිමට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල අද (10) නියෝග කළේය.

මහජන මුදල් රුපියල් කෝටි 162කට අධික මුදලක් ලබාගෙන මුදල් සමාගම් පනතට පටහැනි ලෙස මූල්‍ය සමාගමක් පවත්වාගෙන යෑම ඇතුළු චෝදනා ඔහුට ගොනු කර තිබුණි.

සක්විති හවුසින් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් නම් ආයතනයක් පවත්වාගෙන යමින් මහ බැංකුවේ අවසරයකින් තොරව මුල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් ඔහු විසින් මහජනතාවගෙන් රුපියල් කෝටි 162කට අධික මුදලක් තැන්පතු ලෙස ලබා ගෙන එම මුදල් වංචා කිරීම සහ ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් පත් භාවිතා කිරීම ආදී චෝදනා තුනක් සම්බන්ධයෙන් සක්විති රණසිංහට එරෙහිව අධිකරණ තුනක් හමුවේ චෝදනා ගොනු කර නඩු පවරා තිබිණ.

එම නඩු සම්බන්ධයෙන් පැනවූ ඇප කොන්දේසි සම්පුර්ණ කිරීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් අද දින සක්විති රණසිංහට ඇප නියමකර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න