කැබිනට් මණ්ඩල රැස්වීම තියනවාද ? නැද්ද ? : රනිල් - මෛත්‍රී අද රෑ සාකච්ඡාවක !

කැබිනට් මණ්ඩල රැස්වීම තියනවාද ? නැද්ද ? : රනිල් - මෛත්‍රී අද රෑ සාකච්ඡාවක !

හෙට (11) දිනයේ කැබිනට් අමාත්‍ය මණ්ඩල රැස්වීම පවත්වනවාද නැද්ද යන්න සම්බන්ධව තීරණාත්මක සාකච්ඡාවක් අද (10) රාත්‍රියේ ජනාධිපති නිල නිවසේ පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

මේ සඳහා පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් දෙදෙනෙකු හට ජනාධිපති සිරිසේන දන්වා ඇති බවත් වාර්තා වෙයි.

ඒ අනුව කැබිනට් රැස්වීම් වලට සහභාගී නොවන බවට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය සහ අද සාකච්ඡාවේ තීරණය මත හෙට (11) දිනයේ කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්ම හෝ නොපැවැත්වීමට තීරණාත්මක වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

එසේම මේ වන විටත් ජනාධිපති සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂය ප්‍රබලයන් කිහිපදෙනකු සමග සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබෙන බවත් වාර්තා වෙයි.

එජාපය ගේම හකුළා ගනීද ?

මේ අතර ලැබෙන දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරන්නේ අද පැවැත්වීමට නියමිත සාකච්ඡාවේදී "කාටත් පිළිගත හැකි මැද තැනක් " යෝජනා කර පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ කටයුතු මාධ්‍ය වෙත අනාවරණය නොකිරීමේ පොරොන්දුවක් ගැනීමට ජනාධිපති සිරිසේනගේ පාර්ශවය සූදානම් වන බවය.

එජාපෙ අමාරුවේ දැමීමේ තවත් උත්සාහයක් ලෙස මේ හදුන්වන දේශපාලන ආරංචි මාර්ග එක්සත් ජාතික පක්ෂය මෙහිදී සිය ස්ථාවරය වෙනස් කරගතහොත් අග්‍රාමාත්‍යවරයා දැඩි අපවාදයකට ලක්වීමේ අවධානමක් ඇති බවත් සදහන් කරයි.

ජනාධිපති සිරිසේනගේ තීරණය !

පසුගිය 08දා රාත්‍රී හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, පාස්කු ඉරිදා (21) ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් බරපතල විවේචනයක් සිදුකර ඇති අතර තවදුරටත් එහි කටයුතු තමා ඉලක්ක කරගෙන පවත්වා ගෙන ගියහොත් කැබිනට් මණ්ඩල රැස්වීම වලට සහභාගී නොවන බව දැනුම් දී තිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න