සතොසට මඩ ගහපු විමල්ට : බිලියනයක එන්තරවාසියක් !

සතොසට මඩ ගහපු විමල්ට : බිලියනයක එන්තරවාසියක් !

සතොස ආයතනයේ වාහන ත්‍රස්තවාදී කටයුතු සඳහා යොදාගත් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ලංකා සතොස ලිමිටඩ් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයෙන් සතොස ආයතනයේ කීර්ති නාමයට මහත් හානියක් සිදු වූ බව සඳහන් කරමින් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා සතොස ආයතනය මන්ත්‍රීවරයාට එන්තර වාසියක් යොමුකර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් සඳහන් කරන ස්ථානයකට හෝ දිනයකදී කිසිදු සොතොස වාහයක් ගොස් නොමැති බවත්, එය සම්පූර්ණයෙන්ම අසත්‍ය කරුණක් යන අතර, එමගින් ජනතාව සතොස කෙරෙහි තබා ඇති විශ්වාසය පළුදු කිරීමට උත්සාහ කරමින් සිටින බවත් අදාළ නිවේදනයේ සඳහන් කර ඇත.

එමෙන්ම එම ප්‍රකාශනය සම්බන්ධයෙන් විධිමත් පරීකෂණනයක් පවත්වා ජනතාවට සත්‍ය හෙළි කරන ලෙස ඉල්ලමින් සතොස ආයතනය විසින් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් සිදු කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න