සහරාන් ගැන තොරතුරු ලැබුණා ද? : කාත්තන්කුඩිය පොලිස් ස්ථානාධිපති !

සහරාන් ගැන තොරතුරු ලැබුණා ද? : කාත්තන්කුඩිය පොලිස් ස්ථානාධිපති !

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ සහරාන් හෂීම් පිළිබඳව හෝ එම ප්‍රහාරය පිළිබඳව බුද්ධි අංශයෙන් තමන්ට කිසිදු පූර්ව දැනුවත් කිරීමක් නොලැබුණු බව කාත්තන්කුඩියේ පොලිස් ස්ථානාධිපතිවරයා පවසයි.

පොලිස් පරීක්ෂක එන් පී කස්තුරිආරච්චි එසේ කියා සිටියේ පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියේ සාක්ෂි දෙමිනි.

කාත්තන්කුඩිය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ පුද්ගලයෙකු වන සහරාන් එල්ල කළ ප්‍රහාරය පිළිබඳව කල් තියා දැන සිටි බුද්ධි අංශ විසින් එම ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කරනු ලැබ තිබුණේ දැයි විශේෂ කාරක සභාව විමසීමක් කළේය.

කාත්තන්කුඩියේ පොලිස් ස්ථානාධිපතිවරයා ඉහත ප්‍රකාශය කළේ ඊට පිළිතුරු දෙමිනි.

කෙසේ නමුත් තමන් එම පොලිස් ස්ථානයට පත්වීම ලැබ පැමිණීමෙන් පසු සහරාන් හෂීම් එම ප්‍රදේශයේ දක්නට නොලැබුණු බව ඔහු පැවසීය.

අරාබි භාෂාව

කාත්තන්කුඩිය ප්‍රදේශයට මැදපෙරදිගින් එතරම් සංචාරකයන් පැමිණෙන බවක් තමන්ට දක්නට ලැබී නැති බව ද පොලිස් ස්ථානාධිපතිවරයා මෙහි දී ප්‍රකාශ කළේය.

එම ප්‍රදේශයේ නාම පුවරු සඳහා අරාබි භාෂාව යොදා ගැනීමට හේතුව ලෙස නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර තිබුණේ අරාබි සංචාරකයන් වෙනුවෙන් එම තීරණය ගත් බවකි.

2

එම් එල් ඒ එම් හිස්බුල්ලා මේ බව කියා සිටියේ පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාර පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියේ ජුනි 13වන දා සාක්ෂි ලබා දෙමිනි.

අරාබි භාෂාව භාවිතා කළ නොහැකි බවට සඳහන් වන නීතියක් ශ්‍රී ලංකාව තුළ නොමැති බව නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා එහිදී පැවසීය.

තවදුරටත් ඔහු කියා සිටියේ අරාබි සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා කාත්තන්කුඩි ප්‍රදේශයේ නාම පුවරු මත අරාබි බස ද යොදා ගත් බවය.

"එය නීති විරෝධී නැහැ. එය ව්‍යවස්ථාවට පටහැනි නැහැ." ඔහු ප්‍රකාශ කළේය.

3 1

අරාබි බස සහිත නාම පුවරු නැරඹීම සඳහා අරාබි සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීම අපේක්‍ෂා කළ හැකි දෙයක් දැයි කාරක සභාව මෙහිදී ප්‍රශ්න කළේය.

එහිදී හිටපු ආණ්ඩුකාරවරයා කියා සිටියේ සංචාරක ප්‍රවර්ධනය සඳහා විවිධ භාෂාවන් යොදා ගැනීම මේ වන විට ගෝලීය වශයෙන් සිදුවන දෙයක් බවය.

(බීබීසී)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න