ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තෝරාගෙන අවසන් බවත් ඒ ගෝඨාභය රාජපක්ෂ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ තමන් සමඟ පැවසු බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි පවිත්‍රා වන්නිආරච්චි පවසා ඇත.
අදාළ පණිවිඩය මාධ්‍ය වෙත ලබාදෙන ලෙසත් විපක්ෂ නායකවරයා තමන්ට පැවසු බවද මන්ත්‍රීවරිය පවසා තිබේ.
ඒ අද (20) කොළඹ පැවති මාධ්‍ය හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් සමඟ ඇතිවූ සුහද කතා බහකදීය.
මෙම මාධ්‍ය හමුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ද සහභාගීව ඇති අතර එහිදීද ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති අපේක්ෂකත්වය ස්ථිර කර ඇත.
පොහොට්ටු පක්ෂය සංවිධානය කළ තවත් මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෂෙහාන් සේමසිංහ සහ ඩී.වී.චානක අවධාරණය කර ඇත්තේද ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිය ජනාධිපති අපේක්ෂකයා බවය.
සහ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ පවිත්‍රා වන්නිආරච්චි යන මන්ත්‍රීවරියන්ගේ සහභාගිත්වයෙන් පැවති මාධ්‍ය හමුවේදී මෙම කාරණය තහවුරු කර තිබේ.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ පූර්ණ ආශිර්වාදයෙන් එම තෝරාගැනීම සිදුව ඇති බවත් වාර්තා වෙයි.

