යහපාලන සමයේ ලොකුම අල්ලසට මාට්ටුවූ : සිරිසේනගේ ගෝලයන්ට නඩු !

යහපාලන සමයේ ලොකුම අල්ලසට මාට්ටුවූ : සිරිසේනගේ ගෝලයන්ට නඩු !

කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍රොපකරණ හා ගොඩනැගිලි විකිණීමේ ක්‍රියාවලිය ඉටුකරදීම සඳහා රුපියල් මිලියන 540ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය මිලියන 100 දක්වා අඩුකොට ඉන් මිලියන 20ක් ලබා ගැනීමේදී අත්අඩංගුවට පත් ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.එස්.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයට අල්ලස් කොමිසම විසින් කොළඹ විශේෂ මහාධිකරණයේ අද(20) නඩු පවරා ඇත.

මීට අදාල අධිචෝදනා පත්‍රය අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්ගේ අත්සනින් යුතුව ඉදිරිපත් කර ඇති අතර විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 24ක් යටතේ නඩු පවරා ඇත.

එසේම පැමිණිල්ල සනාථ කිරීම සඳහා සාක්ෂිකරුවන් 46 දෙනෙකු සහ ලේඛන 41ක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද අල්ලස් කොමිසම අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න