සහරාන්ට සහයදීම ගැන සුමිත් එදිරිසිංහගෙන් ප්‍රශ්න කළ යුතුයි !

සහරාන්ට සහයදීම ගැන සුමිත් එදිරිසිංහගෙන් ප්‍රශ්න කළ යුතුයි !

හිටපු නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති සුමිත් එදිරිසිංහ නැමැත්තා අන්තවාදීවලට වග කිව යුතු බවත් ඔහු පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට කැඳවිය යුතු බවත් අම්පිටියේ සුමනරත්න හිමියන් මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ප්‍රකාශ කර සිටියි.

කාතන්කුඩි පොලිසිය තුළ තිබෙන ජල ටැංකිය පවා සහරාන්ගේ අනුග්‍රහයෙන් ලබාදුන්නක් බවත් සහරාන් අත්අඩංගුවට නොගෙන සිටිම සහ ඔහුට නිදහසේ අන්තවාදී කටයුතු කරගෙන යාමට ඉඩදීම සම්බන්ධව හිටපු නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති සුමිත් එදිරිසිංහ අනිවාර්යයෙන් කැඳවා ප්‍රශ්න කල යුතු බවත් උන්වහන්සේ පැවසීය.

ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ ලේකම් සහ ඔලිම්පික් කමිටුවේ උප සභාපතිවරයෙකු ද වන සුමිත් එදිරිසිංහ නැමැත්තාට ක්‍රීඩා ක්ෂේත්‍රයේද දූෂණ චෝදනා එල්ල වී ඇති අයෙකි.

සහරාන් ගැන සූෆි මුස්ලිම්වරුන්ගෙන් ප්‍රකාශයක් !

එසේම ශ්‍රී ලංකාව අත්පත් කර ගත යුතු බවට ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් මුලින්ම ප්‍රකාශ කරනු ලැබුවේ 2016 වසරේ දෙසැම්බර් මාසයේදී බව සුෆී මුස්ලිම් සංවිධානයේ මොහොමදු සයිලාන් මවුලවිවරයා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ ඊයේ සාක්ෂි ලබාදෙමින්.

තේරීම් කාරක සභාවේ සාමාජික දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් ඔහුගෙන් ප්‍රශ්ණ කළ අතර එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ මුස්ලිම් නොවන ජනතාව ඝාතනය කළ යුතු බවට සහරාන් අවස්ථා 03කදී ප්‍රකාශ කළ බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න