ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු වෙනත් පක්ෂයක හෝ පෙරමුණක සංවිධායක ධුර ලබාගැනීමට කටයුතු කළහොත් විනය ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.
වෙනත් පක්ෂයක සංවිධායක ධුර ලබාගන්නා බවට සඳහන් වන පිරිස් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ සාමාජිකත්වය දරණ බවද එම සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා අද (20දා) දින පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
විජිත් විජයමුණිට ගහන්න එන්නේ !
මේ සම්බන්ධව එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ ආරංචි මාර්ග සදහන් කරන්නේ විජිත් විජයමුණි සොයිසා මන්ත්‍රීවරයා ඇතුළු පසුගිය ඔක්තෝබර් 26 කුමන්ත්‍රණය අවස්ථාවේ එක්සත් ජාතික පෙරමුණ සමග සම්බන්ධව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් එක්වූ පාර්ශව සම්බන්ධව අමරවීර මන්ත්‍රීවරයා මේ අදහස් දක්වා ඇති බවය.
මේ වන විට මහින්ද රාජපක්ෂ පාර්ශවය පක්ෂයේ සාතිශය බහුතරයක් රැගෙන වෙනත් පක්ෂයක් අලුතින් නිර්මාණය කර තිබියදී එය වලක්වා ගත නොහැකිව සහ ඊට නිසි ප්‍රතිචාර දක්වන්න බියවූ පාර්ශව දැන් බොරු වීරයන් වීමට එන බවත් ඒ පිළිබඳ අබමල් රේණුවක තරම් තැකීමක් සිදුනොවන බව දැන්විය යුතු බවත් එම ආරංචි මාර්ග සදහන් කරයි.
රාජපක්ෂට ලියුම් දුන්න ලේකම් : ඕන දෙයක් කරගන්න කියන්න !
මේ සම්බන්ධව අප කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කල මේ වන විට එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට සහය දක්වන දේශපාලනඥයකු සදහන් කර සිටියේ පොහොට්ටු පක්ෂය නිර්මාණය කළ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයකු බවට ලිඛිතව දුන් ලේකම්ගේ ප්‍රකාශ එතරම් බරපතල ලෙස නොගත යුතු බවය.
එසේම රාජපක්ෂ හමුවෙ බියවූ මේ උදවිය අද තමන්ට පෙනේ කරන්න එන බවත් ඔහු පැවසීය.
අමරවීර මන්ත්‍රීවරයා ට හැකි දෙයක් කර පෙන්වන ලෙසත් මොනවා කළත් ඒ ආදරනීය ලේකම් මිතුරා ඉදිරි දේශපාලන විපර්‍යාසය හමුවේ සාදරයෙන් පිළිගන්න සූදානම් බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

