අශෝක්ගේ හිතෙත් සජිත් !

අශෝක්ගේ හිතෙත් සජිත් !

එළඹෙන ජනාධිපතිවරණයේදී සියළුම පාර්ශවයන්ගේ සහාය ලබාගෙන ජයග්‍රහණය කළ හැකි එක්සත් ජාතික පක්ෂයට සිටින අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසයි.

කුරුණෑගලදී අද (22) අසරණ පවුලකට නව නිවෙසක් ඉදිකර පරිත්‍යාග කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

ඉදිරි ජනාධිපතිවරණයකදී එක්සත් ජාතික පක්ෂයට සුදුසුම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස බව පක්ෂයේ සියළුම දෙනා කතාවන බවද පැවසූ අමාත්‍යවරයා තමන්ද සිතා සිටින්නේ ඒ මහතා ඉදිරිපත් වීම වඩාත්ම සුදුසු බව යැයිද කියා සිටියේය.

ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමටනම් එක්සත් ජාතික පක්ෂයේ සියඵම ජන්ද ප්‍රකාශ විය යුතුවා සේම මධ්‍යස්ථ සහ වෙනත් පක්ෂවල, වෙනත් ජාතීන්ගේ ජන්දද අනිවාර්යයෙන්ම ලැබිය යුතු බවද අබේසිංහ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
අද (22) මේ අදහස් දැක්වීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න