පාස්කු ප්‍රහාරය වළක්වාගන්න තිබුණාද නැද්ද : තේරීම් කාරක සභාවේදී හෙළිවෙයි - අගමැති

පාස්කු ප්‍රහාරය වළක්වාගන්න තිබුණාද නැද්ද : තේරීම් කාරක සභාවේදී හෙළිවෙයි - අගමැති

මෙම ප්‍රහාරය වලක්වා ගැනීමට හැකියාව තිබුනේද, එසේ හැකියාව තිබුනේ නම් වලක්වා ගැනීමට අසමත් වූයේ කුමන හේතු මතද යන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ අනාවරණය වනු ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

එසේම අන්තවාදය පැතිරවීම සඳහා කිසිදු කණ්ඩායමකට ඉඩ නොතබන බවත්, එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් හෙලිදරව් කිරීම මෙන්ම සිදුවන පරීක්ෂණ කටයුතු සඳහා සහයෝගය ලබාදීම ජනතාවගේද වගකීමක් බවද ඔහු සඳහන් කරයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (21) ගාල්ල හිනිදුම ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින්ය.

පාස්කු ප්‍රහාරයට සෘජුවම සබඳතා දැක්වූ පුද්ගලයන් සියලු දෙනාම මේ වනවිට අත්අඩංගුවේ හෝ රඳවා ගැනීමේ නියෝග මත රඳවාගෙන හෝ සිටින බව පවසන අග්‍රාමාත්‍යවරයා ප්‍රහාරය සිදු වී පැය 24 ක් ඉක්ම යාමට පෙර ප්‍රහාරයට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම ආරම්භ කිරීමට හැකි වූ බවත් එහිදී පැවසීය.

මොහමඩ් සහරාන්ගේ සහ ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ කටයුතුවලට සම්බන්ධ වූ දේශනවලට සම්බන්ධ වූ පුද්ගලයන් සම්බන්ධයෙන් ද පරීක්ෂණ පවත්වන බවත් සහරාන් සමග තේ බීපු අයට පරෙස්සමෙන් ඉන්නැයි අනතුරු අඟවන බව ද කියා සිටියේය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න