ජනතාවට සමෘද්ධිය විතරක් නෙවෙයි ඉඩම් අයිතියත් දෙනවා - තලතා

ජනතාවට සමෘද්ධිය විතරක් නෙවෙයි ඉඩම් අයිතියත් දෙනවා - තලතා

ලක්ෂ 6ක ජනතාවකට සමෘද්ධිය දෙන්නේ ඡන්ද ගැනීමේ අපේක්ෂාවෙන් නොවන බවත් ඒ වෙන්වන්නේ එදා දේශපාලන අතකොලු බවට පත් නොවුනු නිසා සමෘද්ධිය නොලැබුනු මිනිසුන් වෙනුවෙන් යැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල පවසයි.

ඊයේ (22) පැවති වුල් ලක්ෂ 6කට සමෘද්ධි හිමිකම්පත් ලබා දීමේ වැඩපිළිවෙල යටතේ රත්නපුර ඉඹුල්පේ ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශයේ නව සමෘද්ධි සහනාධාර හිමිකම්පත් බෙදාදීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන්කර සිටියාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේද සඳහන්කර ඇත.

පවුල් ලක්ෂ 6 කට සමෘද්ධිය ලබාදීම සදහා මුලිකත්වය ගත් දයා ගමගේ අමාත්‍යතුමාට ස්තුති වන්ත විය යුතුයි.මේක පටන් ගත්තේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා එතුමා මේක දුන්නේ ජනසවිය නමින්, එදා දේශපාලන බේදයෙන් තොරව සුදුසු අයට ජනසවිය දුන්නා. 1994න් පස්සේ මේ ව්‍යාපාරය දේශපාලනීකරණය වුනා. අද මෙතන ඉස්සරහා ඉන්නේ දේශපාලනීකරණයෙන් තොරවයි. එදා යූ. එන්. පී, ජේ. වී. පී අයට සමෘද්ධිය අහිමි වුනා. එකම සුදුසුකම වුනේ හිතවත්කමයි, මෙක මෙහෙයවපු නිලධාරීන් දේශපාලනය හරහා මෙහෙයවන්න ක්‍රියා කළා.

අගමැතිතුමා ඇවිත් ඉඩම් ඔප්පුත් දෙයි !

වත්මන් රජය ක්‍රියා කරන්නේ සුදුසුකම අනුවයි. එකම හේතුව දේශපාලනය නිසාම මේ සමෘද්ධිය ලබන අය ඉන්නවා. සමහර අය රජයේ සේවය කරන අය, ව්‍යාපාරිකයන්, සමෘද්ධිය ගන්නවා. එක පිරිසක් ඉන්නවා අවුරුදු 20 පුරාම සමෘද්ධිය ලබන අය. එදා සමෘද්ධි ලාභීන් ලෙස ක්‍රියා කළ අය දේශපාලන අතකොලු බවට පත් වුනා. 2015 ජනවාරි 8 වෙනිදා අපේ රජය රට භාරගන්න කොට බිලියන 10000ක ණයක් තිබුනා. අපි ණය ගෙවන වැඩසටහන භාරගත්තා. ඒ කියලා අපි වැඩ නොකර හිටියේ නැහැ. පසුගිය කාලේ ඉඩම් අනවසරයෙන් අල්ලා ගත්තා. අද එහෙම නැහැ. තමන් ජීවත් වන ඉඩම සඳහා ඔප්පු ලබාදීමේ වැඩසටහනක් අපි දියත් කරලා තියෙනවා. ඒ යටතේ ඔප්පු 5000ක් ලබා දුන්නා. ලබන 6 වෙනිදා ඔප්පු ලබා දෙන්න අගමැතිතුමා එනවා. ලක්ෂ 20000 ක වැඩ පහුගිය කාලය තුල බලංගොඩ කොට්ඨාශයට විතරක් කළා. වැඩ කරනකොට අපිට අභියෝග ආවා.

ස්වභාවධර්මය එරෙහි වුනා. ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණයක් ආවා, බෝම්බ පත්තු වුනා. 2015 ජනාධිපතිවරණය මහින්ද රාජපක්ෂ මහත්තයා කලින් තිබ්බේ රටේ තිබුනු ණය කන්ද නිසා. මාධ්‍ය නිදහස නැහැ, අධිකරණය ස්වාධීනත්වය නැහැ කියලා අපිව ලෝකයෙන් කොන් කලා. අපිට හැමදාම දුප්පත්කමේ ඉන්න බැහැ. අනිත් අයට අතපාලා ජීවත් වන ක්‍රමය ඉවත් කර ගන්න ඕනි. ශක්තිමත් මිනිසෙකු ලෙස ජීවත් විය යුතුයි

බොරු සද්දේ විතරයි : අපි එක බිම් අඟලක් විදේශිකයන්ට විකුණලා නෑ !

ගොඩක් අය කෑ ගහනවා අපි රට විකුණලාලු චීනෙට, මේ ආණ්ඩුව තියනකල් මේ රටේ බිං අඟලක්වත් විදේශිකයන්ට විකුණන්නේ නැහැ. එදා රටේ සම්පත් ඉඩම් විදේශිකයන්ට විකුනුවේ කවුද කියලා ජනතාව දන්නවා. තමුන්නානේසේලා එකක් මතක තියා ගන්න මේ සමෘද්ධිය දෙන්නේ ඡන්දේ ගන්න නෙමෙයි. එදා දේශපාලන අතකොලු බවට පත් නොවුනු නිසා සමෘද්ධිය නොලැබුනු මිනිසුන් වෙනුවෙන්"

මෙම අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම, ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් බටුගෙදර, ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලසන්ත කුරේ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

DSC 4366

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න