එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව නිර්මාණය කරන්නට යෝජිත ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඉදිරි සති කිහිපය තුළ එළැඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන පිහිටුවන බවත් එහි නායකත්වය කරූ ජයසූරියට හෝ පාඨලී චම්පික රණවකට හිමිවනු ඇති බවත් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ප්‍රබල ඇමතිවරයෙක් ප්‍රකාශ කළේය.
එහි ප්‍රථම පියවර ලෙස එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන එහෙත් එජාපය නියෝජනය නොකරන මන්ත්‍රීවරුන්ට එජාප සංවිධානයක තනතුරු පිරිනැමීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ පසුගිය 19 වැනි දින යෝජනා සම්මත වූ බව ඔහු ප්‍රකාශ කළේය. ඒ අනුව පාඨලී චම්පික රණවක ඇමතිවරයාට මහරගම ආසනයද, විජිත් විජයමුණි සොයිසා මන්ත්‍රීවරයාට කටාන ආසනයද, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතානට පැල්මඩුල්ල ආසනයද හිමිවන බව දැනගන්නට ලැබේ.
මීට අමතරව තවත් කිහිප දෙනෙකුට සංවිධායක තනතුරු ලබා දීම සඳහා සුදුසු ආසන සොයාබලමින් සිටින බව වාර්තා වෙයි.
පැල්මඩුල්ල ආසනයේ සංවිධානයක ධූරය පිළිබඳ කරුණාරත්න පරණවිතාන නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් අනිද්දා විමසූ අතර එම තොරතුර සනාථ කරමින් ඔහු පැවසුවේ එළැඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන පුළුල් ජනතා සන්ධානයක් ලෙස ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඉතා ඉක්මනින් පිහිටුවන බවය.
(අනිද්දා)

