සියලු අන්තවාදියෝ ගෝඨාභය සමගයි !

සියලු අන්තවාදියෝ ගෝඨාභය සමගයි !

ගෝඨාභය රාජපක්ෂ යම් හෙයකින් රටේ ජනාධිපති වුණොත් ලංකාව කෙබඳු රටක් බවට පත්වේද යන්න දැන් තබාම කිව හැකිය. ඒ ගෝඨාභය වටා එක් රොක් රොක් වී සිටින, එක් රොක් වන පිරිවර ගැන සලකා බැලීමෙනි.

ඊයේ පෙරේදා මාධ්‍ය සාකච්ඡාවකදී බෙංගමුවේ නාලක, ඔමාරේ කස්සප වැනි අන්තවාදී භික්ෂූන් සමග එකට වාඩි වී අදහස් දැක්වූ මහාචාර්ය නලින් ද සිල්වා කිවුවේ, ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් බවට පත් කිරීමේ හැකියාව ඇති එකම තැනැත්තා ගෝඨාභය බවයි. සුළු ජාතික ඡන්ද පස්සේ යන මහින්ද හෝ බැසිල් රාජපක්ෂට එවැන්නක් කළ නොහැකි බව කී නලින් ද සිල්වා ලංකාව යලින් සිංහල බෞද්ධ රාජ්‍යයක් බවට පත් කිරීම ගෝඨාභයගේ වගකීම බවත් කීවේ.

දැන් පැහැදිළිය. නලින් ද සිල්වා ගෝඨාභයගෙන් ඉල්ලන්නේ සිංහල බෞද්ධ රාජ්‍යයකි. ඒ රාජ්‍ය පාලනයේදී, දෙමළ, මුස්ලිම් මිනිස්සුන්ට ඉඩක් නැත. පසුගියදා මාධ්‍ය හමුවකට එකතුවුණ ගෝඨාභය පිලේ උදය ගම්මන්පිලද කීවේ, මුස්ලිම් ළමා ජනගහනය වැඩි වෙමින් පවතින බවත් නුදුරු අනාගතයේදී එය සිංහල ළමා ජනගහනය ඉක්මවා යන බවත්ය. මේ විදිහට සිංහල බෞද්ධ අන්තවාදීන් ගෝඨාභය වටා රොද බඳිමින් සිටින විට, ගෝඨාභය වැඩි ඇසුරක් පවත්වන්නේ හිටපු මිලිටරි නායකයන් සමගය. සිතන්නේ මිලිටරි මනසකින්ය. වැඩකරන්නේ අත්තනෝමතිකවය. අධිකාරී මනසකින් යුතුවය.

ඉතින් අන්තවාදී, මිලිටරිවාදී, අධිකාරිවාදී සහ සිංහල බෞද්ධ පාලනයක් මිස, ගෝඨාභය වැන්නකුගෙන් තවත් බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද?
එහෙත් රිදී රේඛාව නම්, මේ සියලු අන්තවාදීන් එක්ව ගෝඨාභය ජනාධිපතිවරණයේ නියත පරාජයක් දක්වා කැඳවාගෙන යන බව පෙනීමයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න