Facebook අලුත් රෙගුලාසි මෙන්න !

Facebook අලුත් රෙගුලාසි මෙන්න !

ෆේස් බුක් සමාගම විසින් ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය ජාල භාවිතයට අදාල නව රෙගුලාසි කිහිපයක් නිකුත්කර ඇති බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය සදහන් කරයි.

ඒ පදනම් කරගත් නිවේදනයක් පරිවර්තන සමූහය විසින් නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි.

ශ්‍රී ලංකාවේ පසුගිය දිනවල ලැව් ගින්නක් මෙන් සුළු ජන කොට්ටාශයක් වන මුස්ලිම් ජනයා අරභයා සමාජ මාධ්‍ය අඩවි හරහා විශේෂයෙන්ම ෆේස්බුක් අඩවිය හරහා වෛරී ප්‍රකාශන හුවමාරු වීම නිසා ශ්‍රී ලංකා රජය ෆේස්බුක් අඩවිය ඇතුළු සමාජ මාධ්‍ය වෙබ් අඩවි කිහිපයකට කිහිප වතාවක්ම පිවිසීම අවහිර කිරීම පදනම් කොටගනිමින් ෆේස්බුක් ආයතනය එවැනි ප්‍රකාශන යලි ෆේස්බුක් අඩවියෙහි පල නොකිරීමට, පණිවිඩ හරහා හුවමාරු කර ගැනීම වැළැක්වීමට නවතම පියවර ගනිමින් සිටින බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය වන අප හට ෆේස්බුක් ආයතනයේ නියෝජිතයෙකු පැවසීය.

මේ සදහා වෙනම කණ්ඩායමක් පවා මේවනවිට ස්ථාපිත කොට ඇති බවට ඔවුන් විසින් අපවෙත සදහන් කරන ලදී.

ෆේස්බුක් ප්‍රමිතීන් උල්ලංඝනය කරන ගිණුම් හා පෝස්ට් ඉවත් කිරීමට

මානසික ආතතීන් වැඩි කිරීමට හැකියාව ඇති පෝස්ටු ප්‍රචාරය වීම අඩු කිරීම සහ මානසික ආතතීන් අඩු කිරීමට යොදාගතහැකි ෆේස්බුක් හා අන්තර්ජාල නිෂ්පාදන පිලිබදව විශාල වශයෙන් ජනතාව දැනුවත් කිරීම

ප්‍රචණ්ඩත්වයට තුඩුදිය හැකි අන්තර්ගතයන් පවතින පෝස්ටු පිලිබදව ජනතාව දැනුවත් කිරීමට හා වෛරී ප්‍රකාශන සහ අසත්‍ය තොරතුරු වලට එරෙහිව සටන් කිරීම

තම අරමුණු ලෙස සදහන් කරන අතර මෙම අරමුණු සඵල කරගැනීම සදහා ෆේස්බුක් තම භාෂාමය ගැටළු විසදා ගැනීම සදහා සිංහල පරිවර්තකයන්ගේ සහය ඉදිරියේදී නැවතත් ලබාගැනීමට සුදානම් බව ප්‍රකාශ කර සිටියි.

මෙසේ වෛරී ප්‍රකාශන හදුනාගැනීමට ෆේස්බුක් ආයතනය AI තාක්ෂනය භාවිතා කිරීමට කටයුතු කරන බවත් Messenger සංවාද යෙදුමෙහි පණිවිඩය Forward කිරීමට ඇති හැකියාව සිමාවෙනු ඇත.

පසුගිය මාස කිහිපයේ ලැබුණු වාර්තා වලින් 65.4% පමණ පෝස්ටු හා ගිණුම් ඉවත්කිරීමට කටයුතු කල බව ඔවුන් සදහන් කරනු ලැබින.

තවද පාස්කු බෝම්බ ප්‍රහාර දිනයේ දෙලක්ෂ පනස්දහසකට අධික ජනකායක් තමන් ආරක්‍ෂිත යැයි සහ තම ආදරණීයන් සුරක්ෂිත යැයි තහවුරු කිරීමට ෆෙස්බුක්හි ආරක්‍ෂිත පරික්ෂාව භාවිතා කර ඇති බවත් ෆෙස්බුක්හි අර්බුද ප්‍රතිචාර මෙවලම් භාවිතයෙන් ශ්‍රී ලාංකිකයන් උපකාර ලබාදීමට ලබාගැනීමටත් කටයුතු කරඇති බව ෆේස්බුක් ආයතනයේ නියෝජිතයා අප ශ්‍රී ලංකා පරිවර්තන සමූහය වෙත පැවසීය.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා පරිවර්තන සමුහය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න