ජනාධිපති පක්ෂයත් කෑවා, අපිවත් කෑවා, රටේ අනාගතයත් කනවා - පවිත්‍රා

ජනාධිපති පක්ෂයත් කෑවා, අපිවත් කෑවා, රටේ අනාගතයත් කනවා - පවිත්‍රා

ජනාධිපති සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් කාලා, අපිවත් කාලා, රටේ අනාගතයත් කාලා තමනුත් විනාශවන තැනට කටයුතු කරගෙන ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීනි පවිත්‍රා වන්නිආරච්චි චෝදනා කරයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරිය මේ ආකාරයට ජනාධිපති සිරිසේනට දැඩි චෝදනාවක් එල්ල කල අතර 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව ජනාධිපති විසින් පසුගියදා පැවසූ කරුණුද එහිදී දැඩිව විවේචනය කළාය.

" ජනාධිපති සිරිසේන තිරසාර සංවර්ධනයක් ගැන මේ අවුරුදු 4 1/2 පුරාවට කතා කලා. හැබැයි එතුමා එහෙම කතා කලාට මේ අවුරුදු 4 1/2 ට තිරසාර තීන්දු ගන්න බැරි තත්ත්වයකට පත්වෙලා තියනවා.

එතුමා එක වෙලාවකට කියනවා වැලි ගොඩදාන එක නවත්වන්න ඕන කියලා. තව වෙලාවක කියනවා ගස් කපන එක නවත්වන්න ඕන කියලා. තවත් වෙලාවක කියනවා වඩු මඩු තියන එක නවත්වන්න ඕන කියලා. දැන් එතුමා කියනවා අගමැති සහ ජනාධිපති අතර ප්‍රශ්න ඇති වුනේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය නිසා කියලා. රට අවුල් වෙලා තියෙන්නේ 19 නිසා කියලා එතුමා කියනවා.

19 කරේ තියාගෙන ආවේ කවුද ?

19 ව්‍යවස්ථා සංශෝධනය කරගහගෙන ඇවිල්ලා එතුමා ජනාධිපති වෙච්ච වෙලාවෙ, අපි එවකට නියෝජනය කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලහත්කාරයෙන් අල්ලාගෙන, පක්ෂ සභාපති වෙලා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරපු මන්ත්‍රීවරුන්ට පක්ෂ බලය පාවිච්චි කරලා , විශාල තෙරපීමකට ලක්කරලා, 19 ට ජන්දය දෙන්න කිව්වේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති.

එතුමා " මම 19 ව්‍යවස්ථා සංශෝධනය සම්මත වෙලා කියලා දැක්කේ ෆේස්බුක් එකෙන් , පත්තරෙන් කියලා" කිව්වෙ නැතුවා පුදුමයි. මොනවද දැන් එතුමා කියන්නේ, 19 සංශෝධනය තමයි ජනාධිපති සහ අගමැති අතර ප්‍රශ්නයට මුල, රටේ ප්‍රශ්න වලට හේතුව 19 සංශෝධනය කියලා.

මෛත්‍රීපාල ජනාධිපති මේ අවුරුදු 4 1/2 ට කරලා තියෙන්නේ අත්හදා බැලීම්. ඒකනේ අවුරුදු 4 1/2 පස්සෙ ඇවිත් ඒවා වැරැදියි කියන්නේ. මොනවා එක්කද මේ සෙල්ලම් කරන්නේ ? අපේ ජනතාවගේ ජීවිත එක්ක, අපේ රටේ ආර්ථිකය එක්ක, අපේ රටේ ජාතික ආරක්ෂාව එක්ක නේද මේ සෙල්ලම් කරන්නේ?"

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න