පොහොට්ටුව මරාගනියි : බැසිල්ට ගහන්න විමල් බහියි !

පොහොට්ටුව මරාගනියි : බැසිල්ට ගහන්න විමල්  බහියි !

එළැඹෙන ජනාධිපතිවරණයේදී අපේක්ෂකත්වය සම්බන්ධව රාජපක්ෂ පවුල තුළ ඇතිව තිබෙන බල පොරය මේ වන විට පොහොට්ටු පාර්ශවය නියෝජනය කරන අනෙක් පාර්ශවයන්ගේ ද ගහමරා ගැනිල්ලක් බවට පත්ව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

වීරවංශ බැසිල්ට ගහයි !

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සිය මාධ්‍ය ජාලය යොදවා බැසිල් රාජපක්ෂට එරෙහි විරෝධයක් අවුළුවා ඇති අතර එහිදී leadnews වෙබ් අඩවිය හරහා බැසිල් රාජපක්ෂ අන්තිම පහත් තැනට ඇදදමා ඇත්තේ " මහින්දට කළ දේම ගෝඨාට කළොත් රටට දෙවියන්ගේම පිහිටයි" යනුවෙනි.

මේ තරම් පහත් තැනකට පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂව ඇද දමන්නට වීරවංශ මන්ත්‍රීවරයා සිය මාධ්‍ය මෙහෙයවා ඇත්තේ " ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය සදහා යෝජනා වුවහොත් මහින්ද රාජපක්ෂට කැපවූවා මෙන් දෙගුණයක් කැපවෙනවා " යනුවෙන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධවය.

වෙල්ගම දාලා ගෝඨාට ගස්වන්නේ බැසිල් !

මේ අතර පොහොට්ටු පාර්ශවයේ තවත් කණ්ඩායමක් චෝදනා කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම විසින් දිගින් දිගටම ගෝඨාභය රාජපක්ෂව විවේචනය කිරීම පිටුපස බැසිල් රාජපක්ෂ සිටින බවය.

රෙද්ද බැනියම අදින අපේක්ෂකයකු ගැන කියමින් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ හැර වෙනත් ඕනෑම රාජපක්‍ෂවරයෙකු වෙත සහයදීමේ ප්‍රතිපත්තියක් හැගවෙන බවය.

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න