වෙන්නප්පු ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු ගෝත්‍රිකයා : ලේ සොයා ජාතිවාදය වපුරයි !

වෙන්නප්පු ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු ගෝත්‍රිකයා : ලේ සොයා ජාතිවාදය වපුරයි !

පොහොට්ටු පාර්ශවයේ පළාත් පාලන ආයතනයක් වන වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව ඉතාම නින්දිත ආකාරයට මුස්ලීම් ප්‍රජාව ඉලක්ක කරගත් පළිගැනීමේ ක්‍රියාවලියක් දියත් කර ඇත.

එහි සභාපති වන සුසන්ත පෙරේරා නම් ගෝත්‍රිකයා වෙනප්පුව ප්‍රාදේශීය සභාවට අයත් දංකොටුව සති පොළ භූමියේ මුස්ලීම් ප්‍රජාවට වෙළෙඳම් කිරීම තහනම් කර ඇත.

මේ සුසන්ත පෙරේරා නම් ගෝත්‍රික මානසික රෝගියා ඒ තීරණය ගෙන ඇත්තේ මුස්ලීම් ප්‍රජාව වෙළෙඳ කටයුතු වල නිරතවීම සාමය බිඳවැටීමේ අවධානමක් බව උපකල්පනය කරමිනි.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහය සම්බන්ධව විශ්වාසය තබා කටයුතු කිරීමට තවදුරටත් ලංකාවේ ඉඩක් නොමැති බවට හැගීමක් මේ තුළ දනවන අතර කැමති වෘත්තියක් කිරීමේ මූලික අයිතිවාසිකමද මේ තුළ තිරිසන් ලෙස උල්ලංඝනය කර ඇත.

ඔහු නිකුත්කල ලිපිය පහත දැක්වෙයි.

FB IMG 1561454330887

මේ තිරස්චීන ක්‍රියාව පියවි සිහිබුද්ධිය ඇති කිසිවෙකු අනුමත කරන්නක් නොවේ. ඉතා පැහැදිලිව මේ ගෝත්‍රික මැට්ටා ක්‍රියා කරන්නේ මුස්ලීම් ප්‍රජාව තුළ අපේක්ෂා භංගත්වයක් ඇති කර රට තුළ සාමය කඩවීමක්, අන්තවාදය පෝෂණය වීමක් හරහා රට ලේ විලක් කිරීමටය.

මේ සම්බන්ධව මුදල් අමාත්‍ය මංගල සමරවීර වඩාත් ධෛර්යයෙන් යුතුව ඊට එරෙහිව ට්වීටර් ගිනුමේ සටහනක් තබමින් විරෝධය දක්වා තිබේ.

received 2766383803376760

අප තක්සේරුව වන්නේද මේ රටේ සාමය සංහිඳියාව පමණක් නොව වසර දහස් ගණනක් පැරණි වාර්ගික සාමුහිකත්වය වනසන වෙන්නප්පුවේ ගෝත්‍රික මානසික රෝගියා මොළය පරීක්ෂා කිරීමට යොමුකර අවවරප්‍රසාදිත තත්ත්වයට පත්වූ මුස්ලීම් ප්‍රජාවට අයත් පුරවැසි අයිතිවාසිකම් තහවුරු කළ යුතු බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න