ඔක්තොම්බර් මාසයේ මැතිවරණයක් එනතුරු අන්තවාදී ප්‍රශ්න ඉවර නෑ - මරික්කාර්

ඔක්තොම්බර් මාසයේ මැතිවරණයක් එනතුරු අන්තවාදී ප්‍රශ්න ඉවර නෑ - මරික්කාර්

ඔක්තොම්බර් මාසයේ මැතිවරණයක් එනතුරු මේ රටේ අන්තවාදී හා ජාතිවාදී ප්‍රශ්න ඉවර නොවන බවත් ඇතැම් කණ්ඩායම් දේශපාලන වාසි තකා එය පවත්වා ගෙන යන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලක්ෂ 630 ක ප්‍රතිපාදනයෙන් කොළොන්නාවේ ග්‍රාමීය මාර්ග 10 ක් කාපට් අතුරා සංවර්ධනය කිරීම සඳහා වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවකට එක් වෙමින්ය.

“මේ රටේ සිදු වෙච්ච විවිධ ක්‍රියාකාරකම් සහ ජන සමාජයන් අතර වූ සංස්කෘතික වෙනස්කම් සිදුවෙලා තියෙන්නේ 2005 ඉදන්, අපේ ආණ්ඩු කාලේ නෙමෙයි වුණේ. විවිධ පක්ෂවල කේවල් කිරීමේ බලයට යටවෙලා පහුගිය ආණ්ඩු කාලේ තමයි මේ සංස්කෘතික වෙනස්කම් ටික සිද්ධ වුණේ.

ඇත්ත වශයෙන්ම අපේ ආණ්ඩුවේ කශේරුකාව පිළිබද ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා තමයි එක එක්කෙනා නාඩගම් නටන්නේ. ඒ නිසා කවුරු කොහොම කිව්වත් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මේ ඇතිවෙලා තියෙන අන්තවාදී, ජාතිවාදී ප්‍රශ්නය ලබන ඔක්තොම්බර් මාසේ වෙනකම් ඉවර වෙන්නේ නැහැ. ඒක ආණ්ඩුවටත් ඉවර කරන්න බෑ. ඒකට හේතුව තමයි සංවිධානාත්මකව ඇතැම් දේශපාලන කණ්ඩායම් රට ජාතිය ගැන කැක්කුම තියෙනවා කියලා පෙන්නන මුහුණුවරින් ගම ඇතුලේ ක්‍රමන්ත්‍රණ කරනවා.

ඒ තමයි මුස්ලිම් මිනිස්සුන්ට ඒත්තු ගන්වන්න ‘උඹලා සහයෝගය දීලා ගෙනාපු ආණ්ඩුවෙන් උඹලාට ආරක්ෂාවක් නෑ. අපි ගාව තමයි ආරක්ෂාව තියෙන්නේ ඒ නිසා ගෝඨාභය රාපක්ෂට 20% ක් වත් මුස්ලිම් ඡන්ද දෙන්න කියන එක හදන්න.’ ඒ නිසා ඊළග මැතිවරණයක් එනතුරු මේ ප්‍රශ්නය දිගටම පවතිනවා. ඒක අපේ ආණ්ඩුවට තේරෙන්නේ නැහැ.”

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න