සයිටම් ආයතනයේ කටයුතු 'Sunset’ වෙත පැවරේ

සයිටම් ආයතනයේ කටයුතු 'Sunset’ වෙත පැවරේ

මාලඹේ සයිටම් ආයතනයේ වත්කම්, කාර්ය මණ්ඩලය සහ ශිෂ්‍යන් 'Sunset’ නම් ආයතනයකට පැවරීමට නියමිත බව නියෝජය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ(21) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මීට අමතරව, ලබන වසරේදී ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනට (SLIIT) අනුබද්ධිත ලාභ නොලබන, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC) හි ප්‍රමිතිවලට අනුකූලව උපාධි පිරිනමන වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වත්කම් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත පැවරෙන බව පැවසේ.

මේ අතර වෛද්‍ය ශිෂ්‍ය පීඨ ක්‍රියාකාරී කමිටුව සහ රජයේ වෛද්‍ය පීඨ දෙමාපිය සංගමය ඊයේ(21) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පැවසුවේ මෙම විසඳුම සමඟ තමන් එකඟ නොවන බවයි. එසේම මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම සඳහා වූ පොරොන්දුව ඉටුකිරීමට අසමත් වුවහොත් එයට විරුද්ධව ඔවුන් විසින් කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද පැවසිණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න