ශ්‍රී ලංකා දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ මූලික පියවර

ශ්‍රී ලංකා දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ මූලික පියවර

දුම්රිය සේවකයන්ගේ වැඩ වර්ජනය සෑම සිකුරාදා දිනකම ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටියදී දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට බලධාරීන් කටයුතු යොදමින් සිටී. ඒ සදහා මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් සිටින අතර විශ‍්‍රාමික දුම්රිය සේවකයන් බදවා ගැනීමට කටයුතු කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා දුම්රිය සේවාවෙන් විශ්‍රාම ගත් දුම්රිය එංජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති, සංඥා පරීක්ෂක, මාර්ග පරීක්ෂකවරුන් යළි සේවයට එක් කර ගැනීමේ වැඩසටහන 2019 ජූනි මස 28 වැනිදා උදෑසන 09.00ට නාරාහේන්පිට ශාලිකා ශාලාවේදී පැවැත්වේ. ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග සහ රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ගේ ඍජු අධීක්ෂණය සහ සහභාගිත්වය යටතේ පැවැත්වෙන එම වැඩසටහනට දැනට විශ්‍රාමලත් දුම්රිය එංජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති, සංඥා පරීක්ෂක, සහ මාර්ග පරීක්ෂකවරුන්ට සහභාගි වන්නැයි ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති මහතා ඉල්ලා සිටියි.

කෙසේ වුවද වැඩ වර්ජකයන් පවසා සිටින්නේ තමන්ගේ ඉල්ලීම් ඉටු කරන තුරු සෑම සිකුරාදා දිනකම පැය 24ක වැඩ වර්ජනයක් සිදු කරන බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න