ජනාධිපතිවරණය සදහා ශ්‍රිලනිප අපේක්ෂකයා ස්ථිරයි !

ජනාධිපතිවරණය සදහා ශ්‍රිලනිප අපේක්ෂකයා ස්ථිරයි !

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ස්ථිර වශයෙන්ම අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී ඒකමතිකව තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව තමන් විසින් ස්ථීර කළ බවත් එයට ඒකමතික අනුමැතිය හිමිවූ බවත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඉසුර දේවප‍්‍රිය පැවසීය.

ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් පක්‍ෂ සභාපති හා වත්මන් ජනාධිපති සිරිසේන ඉදිරිපත් විය යුතු බවටද පක්‍ෂයෙන් යෝජනාවක් ඉදිරිපත් වූ බව කී දේවප‍්‍රිය ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී අවසන් තීරණයක් ගන්නා බවද කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡා අධ්‍යයනය කිරීමට කමිටුවක් ද මෙහිදී පත්කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න