රටේ කීර්ති නාමය විනාශයි : යුරෝපා සංගමයත් රතු එළි දල්වයි !

රටේ කීර්ති නාමය විනාශයි : යුරෝපා සංගමයත් රතු එළි දල්වයි !

ශ්‍රී ලංකාව යම් හෙයකින් මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් එය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ 73 වැනි මහ මණ්ඩල සැසියට දුන් පොරොන්දුව කඩ කිරීමක් යැයි යුරෝපා සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා සංගමය මේ බව සදහන් කරන අතර යුරෝපා සංගමය ඕනෑම අවස්ථාවකදී ඕනෑම දඬුවමකට මරණ දඬුවම ලබාදීමට පැහැදිලිවම සහ කිසිදු සැකයකින් තොරව විරුද්ධ බවත් ශ්‍රී ලංකාව මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් එය ජාත්‍යන්තර ප්‍රජාවට, ආයෝජකයන්ට සහ රටේ පාර්ශවකරුවන්ට වැරැදි පණිවුඩයක් ගෙන යන බවත් යුරෝපා සංගමය වෙනුවෙන් එම සංගමයේ ප්‍රකාශක නිකුත් කළ එම පණිවුඩයේ දැක්වේ.

මරණ දඬුවම කෲර, අමානුෂික සහ අවමන් සහගත දඬුවමක් යැයි ද සඳහන් කරන යුරෝපා සංගමය මත්ද්‍රව්‍ය ආශ්‍රීත අපරාධ වැළැක්වීමට මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කළ ද මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් එම අපරාධ වැළැක්විය නොහැකි බව බොහෝ අධ්‍යයනවලින් අනාවරණය වී ඇතැයි ද යුරෝපා සංගමය නිකුත් කළ එම නිවේදනයේ දැක්වේ.

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය ලබා දී තිබෙන අතර ජාත්‍යන්තර සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තිය ඇතුළු ප්‍රඥප්ති 27 ශ්‍රී ලංකාව සාර්ථකව හා පලදායීව ක්‍රියාත්මක කරන්නේදැයි යුරෝපා සංගමය සමීපව නිරීක්ෂණය කරන බව ද යුරෝපා සංගමය සඳහන් කර ඇත.

රටේ පැවැති අභ්‍යන්තර ගැටුමෙන් පසුව ශ්‍රී ලංකාව නම්‍යශීලී, ප්‍රජාතන්ත්‍රවාදී සහ සියලු පාර්ශවවල සහභාගීත්වය සහිත සමාජයක් ගොඩනගමින් විශාල ප්‍රතිපත්තියක් අත්පත් කරගත් බව එම ජයග්‍රහණ ඉදිරියටත් පවත්වාගෙන යමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට දුන් පොරොන්දු ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් යුරෝපා සංගමය තවදුරටත් සඳහන් කර ඇත.

මේ අතර මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සම්පූර්ණයෙන්ම විරුද්ධ බවත් ශ්‍රී ලංකාව වසර 43ක් තිස්සේ අනුගමනය කරන ලද ක්‍රමවේදය අනුගමනය කරමින් ඉදිරියටත් මරණ දඬුවම ක්‍රියාත්මක නොකරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් සඳහන් කරමින් එක්සත් රාජධානිය සහ කැනඩාව ද නිවේදන නිකුත් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න