මරණ දඩුවම අශිෂ්ටයි : එජාපය විරුද්ධයි !

මරණ දඩුවම අශිෂ්ටයි : එජාපය විරුද්ධයි !

මරණීය දණ්ඩනය ලබාදීම ශිෂ්ට සම්පන්න රටක තත්ත්වයක් නොවන බැවින් ශ්‍රී ලංකාව තුළ කුමන ආකාරයකින් හෝ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එකඟත්වය පළ නොකරන බව එක්සත් ජාතික පක්‍ෂය ප්‍රකාශ කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්‍ෂය මේ බව සඳහන් කර තිබේ.

එක්සත් ජාතික පක්‍ෂය මෙන්ම වර්තමානයේ පාලන බලය හොබවන එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව ලෙසද ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එකඟත්වය නොදක්වන බවද එම පක්‍ෂය අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා ලෙස එක්සත් ජාතික පක්‍ෂ නායක, හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා මරණ දඬුවම ලබාදීම නතර කිරීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත් බවත්, එම ස්ථාවරයේ දිගින් දිගටම සිටිමින් එක්සත් ජාතික පක්‍ෂය කටයුතු කරන බවත් එම පක්‍ෂය නිවේදනය කරයි.

එසේම ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ගත් ප්‍රතිපත්තිමය තීන්දුව හිටපු ජනාධිපතිවරැන් වන රණසිංහ ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග යන එක්සත් ජාතික පක්‍ෂ නායකයන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ හිටපු නායිකා, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියද ක්‍රියා කළ බවද එක්සත් ජාතික පක්‍ෂය ප්‍රකාශ කරයි.

2015දී බිහිකළ යහපාලනය සඳහා වූ ජාතික රජයද, ශ්‍රී ලංකාව තුළ මරණ දඬුවම යළි ක්‍රියාත්මක නොකිරීමට වර්ෂ 2016දී ආණ්ඩුවක් ලෙස එකඟත්වය පළ කළ බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඒ බව දැනුම්දී ඇති බවත් එක්සත් ජාතික පක්‍ෂය සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න