අගමැති රනිල් සහ දකුණු අප්‍රිකානු ජනාධිපති අතර සාකච්ඡා !

අගමැති රනිල් සහ දකුණු අප්‍රිකානු ජනාධිපති අතර සාකච්ඡා !

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා (H.E. Cyril Ramaphosa) සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡා ඊයේ (27) දින පෙරවරුවේ කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ දී පැවැත්විණි.

නිල සංචාරයක් අතරතුර කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ජනාධිපති රම්පෝසා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ගුවන් තොටුපොලේ අති විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේ දී පිළිගැනීමෙන් අනතුරුව කරුණු ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කෙරිණි.

ඉන්දීය හා ශාන්තිකර සාගර කලාපයෙහි නිදහස් නාවුක ගමනා ගමනය හා සාමය ආරක්‍ෂා කර ගැනීම සම්බන්ධව මෙහිදී අවධානය යොමු කළ අතර ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන නව සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ද සාකච්ඡා විණි.

පාස්කු ඉරිදා මෙරට සිදු වූ ප්‍රහාරය ගැන සිය කණගාටුව පළ කළ දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගෙන ඇති ඉදිරි පියවර පිළිබඳව මෙහිදී සාකච්ඡා කළේය.

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා සමග 20 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් පැමිණ සිටි අතර මෙම අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග ද සහභාගි විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න