එන්න කියලා නාවොත් : සිරිසේනට නඩු දාන්න පුළුවන් - සුමන්තිරන්

එන්න කියලා නාවොත් : සිරිසේනට නඩු දාන්න පුළුවන් - සුමන්තිරන්

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට ඉදිරිපත් වන ලෙස දන්වා ඊට ඉදිරිපත් නොවුණහොත් ජනාධිපති සිරිසේනට විරුද්ධව ඔහුගේ ධුර කාලයෙන් පසුව නඩු පැවරිය හැකි බව එම කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් සඳහන් කරයි.

ජනාධිපතිවරයා ද මෙම කමිටුව හමුවේ කැඳවීමට නියමිත බවට පලවන වාර්තා සම්බන්ධයෙන් කළ විමසීමකදී මන්ත්‍රීවරයා මේ බව පවසා ඇත.

තේරීම් කාරක සභාව විසින් ජනාධිපතිවරයා කැදවුවහොත් ඔහු අනිවාර්යෙන්ම පෙනී සිටිය යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

මෙම කමිටුව හමුවට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කැදවන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ දිනවල කමිටුව විසින් සමාලෝචනය කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

දැනටමත් එහි සාක්ෂි ලබාදීමට අගමැති රනිල් වික්‍රමසිංහ එකඟතාවය පළ කර ඇති බවද ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න