එල්ලනවාට කැනඩාවත් විරුද්ධයි !

එල්ලනවාට කැනඩාවත් විරුද්ධයි !

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය දැඩිව හෙළා දකින බව ශ්‍රි ලංකාවේ කැනඩා මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

නිවේදනයෙන් කැනඩා මහකොමසාරිස් කාර්යාලය පෙන්වා දෙන්නේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දීර්ඝ කාලීනව පැවති තහනම ආපසු හැරවීමට සළකා බැලීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර පිළිබඳ කැනඩාව දැඩි කනස්සල්ලට පත්ව සිටින බවයි.

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම මානව ගරුත්වයට නොගැළපෙන අතර ඒ තුළින් සිදුවන වැරදි සම්බන්ධයෙන් අධිකරණ පද්ධතියට නිදහස් විය නොහැකි බව ඔවුහු පවසති.

නීති විරෝධී මත්ද්‍රව්‍ය වෙළඳාමට එරෙහිව කටයුතු කිරීම වැදගත් සහ අවශ්‍ය වුවත් මරණීය දණ්ඩනය තුළින් එය වැළැක්විය හැකි බවට කිසිඳු සාක්ෂියක් නොමැති බව ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් කාර්යාලය පවසයි.

එමෙන්ම සංචාරකයින් සහ ආයෝජන සඳහා සාමකාමී හා පිළිගැනීමේ ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ගොඩනැගීමට මරණීය දණ්ඩනය නැවත ක්‍රියාත්මක කිරීම තුළින් නොහැකිවනු ඇති බව කැනඩාවේ අදහසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න