ශාපය 19 යේ නෙවෙයි : ජනාධිපතිගේ - හිරුණිකා

ශාපය 19 යේ නෙවෙයි : ජනාධිපතිගේ - හිරුණිකා

ජනාධිපතිවරයා අද රටට ශාපයක් වී ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කරයි.

19 සංශෝධනය රටට සාපයක් වී ඇතැයි ජනාධිපතිවරයා විසින් පැවසූ ද අද රටට ශාපයක් වී ඇත්තේ 19 වෙනි සංශෝදනය නොව ජනාධිපතිවරයා බවද මන්ත්‍රීවරිය පවසා ඇත.

මන්ත්‍රීවරිය මෙසේ සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමිනි.

ජනාධිපතිවරයාට වැරදුනේ ඔහු විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ගැනීම නිසා බවත් නායකත්වය ගත් විට පාක්ෂිකයෝ කියන දේවල් කළ යුතු බවත් ඇය සඳහන් කළාය.

ජනාධිපතිවරයා නිර්පාක්ෂිකව සිටියේ නම් අගමැතිවරයාද සමඟ එකතු වී හොඳින් වැඩ කළ හැකිව තිබූ බව ද ඇය පැවසුවාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න