යුද්ධයක් ඇතිවීමට ප්‍රධාන හේතුව ? - චන්ද්‍රිකා හෙළිකරයි (වීඩියෝ)

යුද්ධයක් ඇතිවීමට ප්‍රධාන හේතුව ? - චන්ද්‍රිකා හෙළිකරයි (වීඩියෝ)

රටේ භයානක යුද්ධයක් ඇතිවීමට ප්‍රධානතම හේතුව එකිනෙකාගේ භාෂාවල් කතා කිරීමට නොහැකියාව බව හිටපු ජනාධිපතිනිය පෙන්වා දෙයි.

ඇගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය විසින් පවත්වනු ලබන “සහෝදර පාසල්” ශිෂ්‍ය කඳවුරෙහි 9 වැනි අදියර අවසන ඊයේ (22 ) කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයදී පැවැති මාධ්‍ය හමුවකදී ඇය එබව සඳහන් කළාය.

එහිදී හිටපු ජනාධිපතිනිය කියා සිටියේ ශ්‍රී ලංකාව කුඩා රටක් වුවත්, විශාල ජනගහනයක් නොමැති වුවත් දශක ගණනාවක් බෙදී වෙන්ව ජීවත්වූ ජන කොටස් එකිනෙකා හඳුනා නොගැනීම යුද්ධයක් දක්වා දිග්ගැසුනු බවයි.

ආගම් හතරකට අයත් ජාතීන් හතරක් මෙරට ජීවත් වුවත් එකිනෙකා සමග කිසිදිනක කතා කර නොමැති අතර රටක භයානක ගැටුම් ඇතිවීමට එයම ප්‍රමාණවත් බව හිටපු ජනාධිපතිනියගේ අදහසයි.

 'ප්‍රභාකරන් කෙනෙක් බිහි නොවෙන්න තිබුනා'

 දෙමළ, මුස්ලිම් ප්‍රෙද්ශවලට සංවර්ධන කටයුතු ක්‍රියාත්මක වුයේද අසමානතාවයෙන් යුතුව බවට චන්ද්‍රිකා බණ්ඩාරනායක පිළිගත්තේය.

“එහෙම නැතිවුණා නම් මේ රටේ ප්‍රභාකරන් කෙනෙක් බිහි නොවෙන්න තිබුනා.” ඇය මාධ්‍ය හමුවේදී තරයේ විශ්වාසය පළ කළාය.

ජාතීන් අතර නැතිවි ගිය වැටහීම ගොඩනගා ගැනීම සදහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික සංහිදියාව හා කාර්යාංශය එම කටයුතු මේ වන විට සිදු කරගෙන යන බව ඇය වැඩි දුරටත් සඳහන් කළාය.

ජාතික සමගිය හා සංහිදියාව සම්බන්ධයෙන් ක්‍රියාකළ හැකි දහස් ගණනක සිසු සිසුවියන් පිරිසක් පළාත් මට්ටමින් ඇති කිරීම තුලින් ඔවුනොවුන්ගේ සමාජයන්හි ධනාත්මක වෙනසක් ඇති කිරීම “සහෝදර පාසල්” වැඩ සටහනෙහි අරමුණ වී තිබේ.

 වෙනම රාජ්‍යයක් ඉල්ලීම යුක්ති සහගතයි''

 කාලාන්තරයක් තිස්සේ දෙමළ ජනතාවට රට තුල මුහුණ පෑමට සිදුවී ඇති වෙනස්කම් සලකා බැලූ කල ඔවුන් වෙනම රාජ්‍යයක් ඉල්ලීමේ යුක්ති සහගත භාවයක් ඇති බව ද හිටපු ජනාධිපතිනිය පෙන්වා දෙයි.

සිංහල බහුතරයක් ජීවත් වන පලාත්වලට ලැබී ඇති සංවර්ධනය දෙමළ ජනතාවට ලැබී නැති බව සත්‍යයක් යැයි පිළිගත් දෙවරක් මෙරට විධායක ජනාධිපතිධුරය දැරූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, “අපිට කෙරෙන්නේ නැත්තම් අපිට වෙනත් රටක් දෙන්න,” යනුවෙන් දෙමළ ජනතාව රජයෙන් ඉල්ලීම සාධාරණ බව සඳහන් කළාය.

 (radiogagana)

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න