කාන්තා මත්පැන් තහනමට එරෙහිව රංගන ශිල්පිනී ස්වර්ණා අධිකරණයට

කාන්තා මත්පැන් තහනමට එරෙහිව රංගන ශිල්පිනී ස්වර්ණා අධිකරණයට

මත්පැන් මිල දී ගැනීමට සහ මත්පැන් අළෙවි සැල්වල සේවය කිරීම සඳහා කාන්තාවන්ට තහනම් කිරීමට එරෙහිව ප්‍රවීන රංගන ශිල්පිනී ස්වර්ණා මල්ලවාරච්චි ඇතුළු කාන්තාවන් විසිදෙනෙක් ඊයේ(22) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණුකර තිබේ.

මිට පෙර සමනලී ෆොන්සේකා ඇතුළු කාන්තාවන් එකොළොස් දෙනෙක් මත්පැන් මිල දී ගැනීමට සහ මත්පැන් අළෙවි සැල්වල සේවය කිරීම සඳහා කාන්තාවන්ට අවසර ලබාදෙමින් මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයක් අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය මගින් ගෙන ඇති තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරපත් කර තිබුණි.

මාධ්‍යට අදහස් දක්වමින් මානව හිමිකම් ක්‍රියාකාරිණී මේනකා ගල්ගමුව මහත්මිය පවසා තිබුණේ මෙම මෙම නීතිය ස්ත්‍රීන්ට එරෙහි වෙනස් කොට සැලකීමක් පමණක් නොව ස්ත්‍රීන්ට සිදුකළ අපහාසයක් බවයි.

ඊයේ මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළ කාන්තාවන් අතර සමාජ ක්‍රියාකාරිණී සාවිත්‍රි රොද්‍රිගු සහ කාන්තා වාණිජ මණ්ඩලයේ ආරම්භක සභාපතිනියක් වූ චලෝ ඩි සොයිසා මහත්මියද වේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කඩුවෙල අපේක්ෂිකා සහ රංගන ශිල්පිනී රුවන්ති මංගලා මහත්මිය ඩේලි මිරර් පුවත්පතට සම්මුඛ් සාකච්චාවක් ලබාදෙමින් පවසා තිබුණේ කාන්තාවන් කළ යුතු සහ නොකළ යුතු යනුවෙන් කොටස් දෙකෙක් ඇති බවයි. මත්පැන් විකුණන ස්ථානවල සේවය කිරීම සහ මත්පැන් විකිණීම ඔවුන් නොකළ යුතු දේවල්වලට අයත් වන බව ඇය පවසා තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න