ඌව මහ ඇමතිට ඇප

ඌව මහ ඇමතිට ඇප

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්වූ බවට වූ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හරින ලෙස බදුල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

ඔහුට රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප නියම වී තිබේ .

මහා ඇමතිවරයා නීතිඥවරයෙකු මාර්ගයෙන් පොලීසියට බාරවූ බවත් ඔහුව අද(23) දින බදුල්ල මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කිරීමට නියමිත බවත් මීට පෙර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබුණි.

බදුල්ල දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිනිය බදුල්ල පොලීසියට පැමිණිල්ලක් සිදු කරමින් පවසා තිබුණේ මහා ඇමැතිවරයාවරයා විසින් නිර්දේශ කරන ලද සිසුවියක් තම පාසලට බඳවා ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙලෙස දණ ගැසීමට බලකළ බවයි.

ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගතහොත් වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ගුරු වෘත්තීය සමිති විසින් මිට පෙර ප්‍රකාශ කර තිබිණි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් ද පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඊට අමතරව ඊයේ(22) බදුල්ල දෙමළ මහා විද්‍යාලය ඉදිරිපිට සහ අනුරාධපුර නගරයේ මෙම සිදුවීමට එරෙහිව විරෝධතා සංවිධානය කර තිබුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න