Language Switcher

V2025

ගුරුවරිය 'දණ ගැස්වීම': ජාතිවාදී මුහුණුවරක් !

විදුහල්පතිනියක දණ ගැස්ස වූ බවට චෝදනා ලබා සිටින ඌව පළාතේ මහඇමති චාමර සම්පත් දිසානායක සම්බන්ධ සිදුවීමට "ජාතිවාදී මුහුණුවරක්" එක්කිරීමට මහඇමතිවරයා ඇතුලු පිරිස ක්‍රියාකරන බවට ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න චෝදනා කරයි.

සිසුවෙකු පාසලට ඇතුළත් කර නොගැනීමේ හේතුව මත බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ආර් භවානි සිය නිල නිවසට කැඳවා තර්ජනය කර දණ ගැස්ස වූ බවට මහඇමතිවරයාට චෝදනා එල්ල වී තිබේ.

 99710136 26756939 877466915766942 5955109886390775892 oමහඇමතිවරයා එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

පාසලට ඇතුළත් කරවීමට උත්සාහ ගෙන තිබෙන්නේ මුස්ලිම් ජාතික දරුවෙකු වන බැවින් විදුහල්පතිනිය මුස්ලිම් දරුවන් සිය පාසලට භාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් වර්ගවාදීව කටයුතු කරන බවට එම ප්‍රජාව අතර ප්‍රචාරයක් දියත් කිරීමේ උත්සාහයක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රීවරයාගේ චෝදනාව වී තිබේ.

එසේම විදුහල්පතිනිය දෙමළ ජාතික කාන්තාවක බැවින් ඇය සිංහල නායකයෙකු අපහසුවට පත් කිරීමට උත්සාහ කරන බවට මතයක් සිංහල ජනයා අතර තහවුරු කිරීමේ ප්‍රයත්නයක් ද දියත් වී ඇති බවට චෝදනා කරන සමන්ත විද්‍යාරත්න පළාත් සභා මන්ත්‍රීවරයා, එය ජනතාව අතර අනවශ්‍ය ගැටුමක් නිර්මාණය වීමට පසුබිම සකසන්නක් බැවින් ඒ පිළිබඳ සංවේදීව කටයුතු කිරීම යහපාලන රජයේ වගකීමක් බව අවධාරණය කරයි.

 IMG 57e7242188524f8e01fa0e3c6873fa08 V

IMG b3ecb840452afcc05534617a985f2c04 Vඋද්ඝෝෂණ

 මේ අතර අඟහරුවාදා (ජනවාරි 23) පොලිසියට භාර වූ ඌව පළාතේ මහඇමති චාමර සම්පත් දිසානායක රුපියල් ලක්ෂ දෙකක ඇප මත නිදහස් කිරීමට බදුල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

වැඩිදුර නඩු විභාගය ලබන මැයි 16 වෙනිදා දක්වා කල් තැබුණි.

ඌව පළාතේ මහ ඇමතිවරයා, සන්ධ්‍යා අඹන්වල අධ්‍යාපන ලේකම්වරිය, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්.එම්.බී රත්නායක සහ විදුහල්පතිනියට බලපෑම් එල්ල කළ බවට චෝදනා එල්ල වී ඇති පළාත් සභාවේ මාධ්‍ය ඒකකයේ නිලධාරීන් දෙදෙනා ඇතුළු පිරිස වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිටිමින් දින ගණනාවක් මුළුල්ලේ බදුල්ල නගරයේ විරෝධතා උද්ඝෝෂණ පැවැත්වෙමින් තිබේ.

මේ අතර ඌව පළාත් සභාව ඉදිරිපිට විශේෂ පොලිස් ආරක්ෂාව රඳවා තිබුණු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

 පරීක්ෂණ යටගැසීමේ උත්සාහයක්?

 99709178 badullacourt
බදුල්ල අධිකරණය

 ඒ අතර ඉහළ සම්බන්ධතා භාවිත කරමින් පොලිස් පරීක්ෂණ යටපත් කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට ගුරු සංගම් චෝදනා කරති.

පළාතේ අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වලගේ සැමියා හිටපු ජේ‍්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වීම මේ චෝදනාවට ආසන්නතම හේතුව වී තිබේ.

මේ අතර සිදුවීම පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් සිදුකරන මෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන ලේකම්වරයා වෙත නියෝග කර ඇත.

අදාළ සිදුවීමේ දී සත්‍ය තත්ත්වය වසන් කිරීම සඳහා මැදිහත්වී ඇති බව පැවසෙන ඌව පළාත් අධ්‍යාපන ලේකම්වරිය සහ සෙසු පළාත් අධ්‍යාපන ප්‍රධානීන් කටයුතු කළ ආකාරය පිළිබඳව ද සොයා බලා කරුණු වාර්තා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

එසේම ඌව පළාත් අධ්‍යාපන ලේකම්වරිය පරීක්ෂණයක් සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයට කැඳවා ඇති බව ද වාර්තා වේ.

(බීබීසී සිංහල සේවය)