ජූලි 7යි: පෙරළියක ඇරඹුම මාතරින් !

ජූලි 7යි: පෙරළියක ඇරඹුම මාතරින් !

මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ දේශපාලනයේ දශක තුනක් අළලා රචිත 'මංගල සමරවීර' කෘතිය ජුලි මස 07දා සවස 3.00ට මාතර රුහුණ විශ්ව විද්‍යාලයේ රවින්ද්‍රනාත් තගොර් ශ්‍රවණාගාරයේදී එළිදැක්වීමට කටයුතු යොදා ඇත.

ප්‍රවීන ග්‍රන්ථ රචකයකු වන නිහාල් ජගත්චන්ද්‍ර විසින් මංගල සමරවීරගේ දිවියේ රසුමුසු තැන් අලලා එම කෘතිය සම්පාදනය කර තිබේ.

මෙහිදී මුඛ්‍ය දේශනය සිදුකරනු ලබන්නේ ප්‍රවීන දේශපාලන විචාරකයකු හා මාධ්‍යවේදියකු වන වික්ටර් අයිවන් විසිනි. 'ශ්‍රී ලංකාවේ 30 වසරක දේශපාලනය' යන මැයෙන් එම දේශනය පැවැත්වේ.

ඉදිරි ජනධිපතිවරණයෙදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස යෝජනාවී තිබෙන එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට මෙන්ම, දෙමල හා මුස්ලිම් දේශපාලන පක්ෂ නායකයින්ට ද මෙම උත්සවය සඳහා ආරාධනා කර තිබීම විශේෂත්වයකි.

Mangala Book. invitation

මේ උත්සවය සම්බන්ධව දැනටමත් දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි ආන්දෝලනයක් ඇතිකර තිබෙන අතර දේශපාලන පෙරළියක් සම්බන්ධව තොරතුරුද සමාජ මාධ්‍ය ජාල - වෙබ් අඩවි හරහා නිකුත් වෙමින් ඇත.

මංගල සමරවීර ඇමතිවරයාගේ උපන් දිනය දී තිබුන පසුගිය අප්‍රේල් 21දා මෙම උත්සවය සංවිධානය කර තිබුන ද එදින අන්තවාදීන් පිරිසක් විසින් ලංකාවේ ස්ථාන කිහිපයකට එල්ලකළ ප්‍රහාරය හේතුවෙන් එම උත්සවය කල් දැමීමට සිදුවිය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න