පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව තොරතුරු දැනගෙන ඒ පිලිබදව නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා වැඩබලන පොලිස්පති වරයාට අද (01) නියෝග කර තිබෙන බව වාර්තා වෙයි.
නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කර සිටියේ නීතිපතිවරයා මේ සම්බන්ධයෙන් වන නියෝගය අද සවස වැඩබලන පොලිස්පතිවරයාට නිකුත්කර ඇති බවය.
පසුගිය බ්‍රහස්පතින්දා ද මේ නියෝගය නිකුත්කර ඇති අතර ඒ සම්බන්ධව වැඩබලන පොලිස්පති කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ බැවින් අද දිනයේ තවත් නියෝගයක් නිකුත් කිරීමට සිදුවූ බවත් ඇය සදහන් කර තිබේ.
එසේම ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත ජයසුන්දර අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් අවශ්‍ය ලිඛිත සහ විමර්ශන සාක්ෂි ඇති බවත් නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කර සිටියි.
දරුණු පළිගැනීමක් !
කෙසේ වුවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධව ජනාධිපති සිරිසේන වෙත එල්ල වන චෝදනාව වෙනතක හැරවීමේ සූදානමක් සම්බන්ධව සැකසංකා මතුව ඇති බවය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත ජයසුන්දර සාක්ෂි ලබාදීම හේතුවෙන් ජනාධිපති සිරිසේන බරපතල ලෙස ජාතික ආරක්ෂාව නොතකා කටයුතු කර ඇති බව අනාවරණය වූ බවත් ඔවුන් පෙන්වා දෙයි.
නිලන්ත ජයවර්ධන සියඹලා ගෙනල්ලා නැද්ද ?
බුද්ධි අංශ වාර්තා ජනාධිපති වෙත ඉදිරිපත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වෙත අවස්ථාව නොතිබීම, එම කටයුතු සිදුකළ ජාතික බුද්ධි අංශ ප්‍රධානියා වන නිලන්ත ජයවර්ධන සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම , පොලිස්පති ආරක්ෂක මණ්ඩලය හමුවට නොකැඳවීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධව අවධානය යොමුකළ යුතු බවත් දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
එසේම ජනාධිපති සිරිසේන පාස්කු ප්‍රහාරය සම්බන්ධව පත්කල ත්‍රිපුද්ගල කමිටුව ගැසට් නිවේදනයක් අනුව පත්කල ජනාධිපති කොමිසමක් නොවන බවත් ඊට වඩා නෛතික වලංගු භාවයක් පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට ඇති බවත් දේශපාලන විචාරකයන් අවධාරණය කරයි.

