වාසු ගහන්න ගිය ගේම මාට්ටු : ළඟදීම පොහොට්ටුවෙන් ගැලවෙන ලකුණු !

වාසු ගහන්න ගිය ගේම මාට්ටු : ළඟදීම පොහොට්ටුවෙන් ගැලවෙන ලකුණු !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් ඇතිකර ජනාධිපති සිරිසේන එම සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා කිරීමේ දේශපාලන කොන්ත්‍රාත්තුවක් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

පොහොට්ටු පාර්ශවයේ තිබෙන දැඩි තරගකාරීත්වය හමුවේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයක් ජයගැනීම ගැටලුවක්ව ඇති බැවින් වාසුදේව මන්ත්‍රීවරයා මේ කොන්ත්‍රාත්තුව ගෙන ඇති බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

පොහොට්ටු පාර්ශවයට සම්බන්ධ මේ දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ ජනාධිපතිවරයා සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සම්බන්ධයෙන් විවේචන එල්ල නොකළ යුතු බවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව යෝජනා කරමින් සිටින්නේ එම කොන්ත්‍රාත්තුව පදනම් කරගෙන බවය.

කෙසේ වුවත් කල් ඉකුත්වු වයෝවෘද්ධ දේශපාලන කොන්ත්‍රාත්කාරයන්ගේ උපදෙස් තම පාර්ශවයට අනවශ්‍ය බවත් නිසි වේලාව පැමිණි විට ජනාධිපති අපේක්ෂකයා නම් කර ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමේ හැකියාව තම පාර්ශවයට ඇති බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

පළමු අවස්ථාවේ සිට ඒකාබද්ධ විපක්ෂ අභ්‍යන්තරයේ සිටිමින් සහ පාර්ශවයට බාහිර මාධ්‍ය ඔස්සේ වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා ගෝඨාභය රාජපක්ෂ ට එරෙහිව දැඩි විරෝධයක් දැක්වූ බවත් දැන් මේ සූදානම් වන්නේ පොහොට්ටු පාර්ශවයේ ජනාධිපති අපේක්ෂකත්වය බන්දේසියක තබා සිරිසේන ජනාධිපතිට දීමට බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටියි.

ජනාධිපති සිරිසේනට විවේචන එපා - වාසුදේව

මේ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසා ඇත්තේ ජනාධිපතිවරයා සමග ඒ පක්ෂය සමග කථාබහ කරමින් පොදු එකඟතාවයකට එන්න උත්සහ කළ යුතු බවත් එක්සත් ජාතික පක්ෂ විරෝධී එක අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නට පුළුවන් උත්සහයක් දැරිය යුතු බවත්ය.

ඒ සඳහා පළමුවෙන්ම ජනාධිපතිවරයාට සහ ශ්‍රීලනිපයට පහර ගැසීමෙන් වැලකී සිටිය යුතු බවත් ජනාධිපති සිරිසේන එක්සත් ජාතික පක්ෂය සමග ගැටෙන වෙලාවේ ඊට සහය දිය යුතු බවත් මන්ත්‍රීවරයා පවසා ඇත.

එසේම ජනාධිපති සිරිසේන එක්සත් ජාතික පක්ෂය සමග ගැටීමේ දී තම පාර්ශවයට අග්‍රාමාත්‍ය ධූරය ලැබුණු බවත් දැන් විපක්ෂ නායක ධූරය පවා ලැබී ඇත්තේ ඒ අනූව බවත් මන්ත්‍රීවරයා සදහන් කර තිබේ.

මේ ඔක්කොම ලැබුණේ ඇති වූ එකඟතාවයන් අනුව බැවින් ඒ රැකගැනීම වැදගත් බවත් වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා අවධාරණය කර තිබේ.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ ඒකාබද්ධ විපක්‍ෂය සන්ධාන ගත වීම සම්බන්ධයෙන් සිදුකෙරෙන මූලික සාකච්ඡා පිළිබඳ අදහස් දක්වමින් මන්තී‍්‍රවරයා මෙම අදහස් පළ කළා.

ජනාධිපතිවරයා සහ ඒකාබද්ධ විපක්‍ෂය අතර මතභේදයක් ඇති කිරීම ආණ්ඩු පාර්ශ්වයේ උපක‍්‍රමයක් විය හැකි බව

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න