ජනතා විමුක්ති පෙරමුණ විසින් සම්පාදනය කළ ‘ආගමික උමතු අන්තවාදයත් ජාතිවාදයත් පරදා ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාවත් ජාතික සමගියත් තහවුරු කිරීම සඳහා රට හමුවේ තබන යෝජනා මාලාව’ මල්වතු පාර්ශ්වයේ මහනායක ස්වාමින්වහන්සේට පිළිගන්වා තිබේ.
ඊයේ (02) ප.ව. 3.00ට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සහෝදරයාගේ සහභාගිත්වයෙන් මල්වතු මහා විහාරයේදී එම කටයුත්ත සිදුව ඇත.

