රාජපක්ෂලා මාධ්‍යට දැක්වූ ප්‍රතිචාර : තලතා සිහිපත් කරයි !

රාජපක්ෂලා මාධ්‍යට දැක්වූ ප්‍රතිචාර : තලතා සිහිපත් කරයි !

අද තියෙන මාධ්‍ය නිදහස නිසාම නොයෙකුත් විදිහේ අසත්‍ය ප්‍රචාර යවන නමුත් රාජපක්ෂ පාලන සමයේ තිබුනේ මාධ්‍ය මර්දනයක් බවත් එදා රාජපක්ෂ පාලන මතයට විරුද්ධ වුණා නම් සිද්ධ වන්නේ මරණය ලැබීම හෝ නැත්නම් අතුරුදහන් වීම බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ පවසයි.

අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ පවුල් ලක්ෂ 06 කට සමෘද්ධි හිමිකම්පත් ලබාදීමේ රජයේ වැඩ පිළිවෙල යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 1112 කට සමෘද්ධි හිමිකම්පත් ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරිය මෙසේ ද සඳහන් කළාය.

අපි දන්නවා එදා සමෘද්ධි වැඩ සටහන ක්‍රියාත්මක වෙන කොට මේක හිමි වුනු අයට හිමි වුණේ නැහැ කියලා.ඒ නිසාම තමයි තවත් ලක්ෂ හයකට මේක දෙන්න වුණේ.ඒ නිසා තමයි මුදල් ඇමතිතුමා මුදල් වෙන් කළේ.ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කය සදහා පවුල් විසි පන් දහසකට සමෘද්ධිය ලබා දෙනවා.සමෘද්ධි වැඩ සටහන රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ජන සවිය වැඩ සටහනින් ඇති වුනු දෙයක් බව කිව යුතුයි.එදා ජනසවිය දෙන්න බලපු එකම සුදුසුකම අඩු ආදායම්ලාභී වීම පමණයි.එදා ජනසවිය දෙන කොට මේ රටේ ඉස්සෙල්ලාම දුන්නේ නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇලපාතටයි.මම දැක්කා සමහර අය කියනවා තවත් ලක්ෂ 06 කට සමෘද්ධිය දෙන්නේ පසුගිය කාලය තුළ දුප්පත්කම වැඩි වෙලා නිසාලු.අපි මේ සමෘද්ධිය දෙන්නේ අඩු ආදායම්ලාභි අයට විතරයි.ඒත් එදා ලක්ෂ 14 කට දුන්නේ දුප්පත්කම බලලා විතරක් නෙවෙයි.එදා දේශපාලන හිතවත්කම මත ව්‍යාපාරකයින් රාජ්‍ය සේවකයින් සමෘද්ධිය ලබා ගත්තා. සමීක්ෂණයක් තියෙනවා ඒ ලක්ෂ 14 න් ලක්ෂ 06 ක්ම සමෘද්ධිය ගන්න සුදුසු නැහැ කියලා .නමුත් අපි ඒ අයගේ සමෘද්ධිය කපන්න කටයුතු කළේ නැහැ.මේකේ දේශපාලනයක් තියෙනවා නම් ඒ ලක්ෂ 06 කපලා තමයි දෙන්න ඕන.නමුත් එහෙම දේශපාලනයක් නැහැ.

එදා සමහර නිලධාරීන්ට දේශපාලන අවශ්‍යතා අනුව දේශපාලන බලධාරීන්ගේ උපදෙස් අනුව කටයුතු කරන්න වුණා.සමෘද්ධි නිලධාරීන්ටත් ගැටළු තියෙනවා.සමහර අයට තමන්ගේ තනතුර ස්ථිර නැහැ.සමෘද්ධිය ලබාගත් අයට එදා දේශපාලන රැස්වීම්වලට යන්න සිදු වුණා.රාජපක්ෂ මහත්තයා රුපියල් ලක්ෂ 1054 ක් රජයට ණයයි මැතිවරණ කාලේ ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් පාවිච්චි කරලා.මේ ආණ්ඩුව දේශපාලන පළි ගැනීම් කරන ආණ්ඩුවක් නෙමෙයි හරි දේ හරියට උපරිම ආකාරයට කැප වෙනවා.සහනාධාර ලබා දෙනවා කියන එක අපි වගේ රටවල්වල විතරක් නෙමෙයි එංගලන්තය ඇමෙරිකාව ජර්මනිය ස්වීඩනය වගේ රටවලත් දෙනවා.සමහර අය කියනවලු ඒ අය ආවහම සමෘද්ධිය කපනවා කියලා.

එහෙම කපන්න බැහැ .අපි දීලා තියෙන්නේ සුදුසුකම තියෙන අයට විතරයි.ඔන්න බලන්න ඔය කථාවලින් පේනවා නේද වෛරය හා කුහකකම.අපි පළිගන්න කාගේවත් සමෘද්ධිය කපන්නේ නැහැ.අපි මේ සහනාධාර ලබා දෙනවා සමෘද්ධිය දෙනවා කියලා 2015 ජනවාරි 08 වැනිදාට ඉස්සෙල්ලා කිවුවේ නැහැ.අපි කිවුවේ මාධ්‍ය නිදහස ඇති කරනවා කියලා .අධිකරණයේ ස්වාධීනත්වය ඇති කරනවා කියලා.අපි දන්වා එදා රජ්ජුරුවන්ගේ මාධ්‍ය නිදහස කොහොමද කියලා .ඒක රටේ ජනතාව දන්නවා.අද පෞද්ගලික නාලිකා බලන්න .වැඩිපුරම කරන්නේ ජනාධිපතිතුමාව අගමැතිතුමාව අමාත්‍ය මණ්ඩලය එහෙමත් නැත්නම් රජයේ වැඩ පිළිවෙළක් විවේචනය කරන එකයි.බොරු ප්‍රචාර මවනවා.අද තියෙන මාධ්‍ය නිදහස නිසාම නොයෙකුත් විදිහේ බොරු අසත්‍ය ප්‍රචාර යවනවා.හැබැයි අද වගේ නොවෙයි එදා තිබුණේ මාධ්‍ය මර්දනයක්.එදා ඒ අයගේ මතයට එරෙහි වුණා නම් සිද්ධ වුණේ මරණයයි.එහෙමත් නැත්නම් අතුරුදහන් කළා.එහෙමත් නැත්නම් මාධ්‍ය ආයතන ගිනි තැබුවා.එදා මේ රටේ වුනු බරපතලම වංචාවක් තමයි 2007 සිදු වුනු මිග් යානා ගනුදෙනුව .ඒක ලිවුවා කියලා සන්ඩේ ලීඩර් පුවත් පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංගව 2008 ජනවාරි 08 වැනිදා මහ මඟ මරා දැම්මා.ප්‍රගිත් එක්නැලිගොඩ අතුරුදහන් කළා.අද මාධ්‍ය නිදහස ඇති කරලා කථා කිරීමේ අයිතිය ලබාදීලා තියෙනවා.අද අධිකරණය ස්වාධීනයි.නීතිපති දෙපාර්තමේන්තුවට කාටවත් ඇඟිලි ගහන්න බැහැ යැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න