තමන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කරමින් ජනමාධ්‍ය ඉදිරියේ රංගනයෙහි නිරත නොවී හැකිනම් එම චෝදනා ඔප්පු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමිට පවසන බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් පවසයි.
හිටපු අමාත්‍යවරයා මේ බව පැවසුවේ තමන්ට එරෙහි අසත්‍ය චෝදනාවලට විරුද්ධව තමන් කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා ඊයේ (02) සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
"රතන ස්වාමින් වහන්සේට කියන්නකො ඔප්පු කරන්න කියලා. අවුරුදු ගාණක් මෙව්වා කිය කියා ඉන්නෙ නැතුව, මාධ්‍යයට රඟපාන්නෙ නැතුව ඔප්පු කරන්න කියන්න" යනුවෙන් බදූර්දීන් මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.
එසේම යළි අමාත්‍ය ධුර භාරගැනීම සම්බන්ධයෙන් ද තමන්ට එතරම් හදිසියක් නැති බවත් ඔහු පැවසීය.

